Connect with us

පුවත්

PMගේ මීටිමේ සද්දෙ දැමූ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීලා ‌කෙහෙළියට හරහට හිටියි?

Published

on

ඉකුත් සතියේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉදිරි අයවැයේදී අමාත්‍යංශ තුනක වැය ශීර්ෂ පරාජය කිරීමට ඡන්දය භාවිත කරන බවට පැවසූ මන්ත්‍රී නඩේ සෞඛ්‍ය ඇමති ‌කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාස භංගයට පක්ෂව කටයුතු කරයිද යන සැකයක් ආණ්ඩුව තුළ මතුව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගොස් සිටි බැවින් එම රැස්වීම පවත්වා තිබුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී පසුපෙළ මන්ත්‍රීන් සහ රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක් ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ පහක් භාර අමාත්‍යවරුන්ට බරපතළ ලෙස චෝදනා එල්ල කර තිබිණි.

ඒම පිරිස මැති ඇමැතින් 12 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පස්දෙනකුට බරපතළ චෝදනා එල්ල එල්ල කර තබිණි.

මධුර විතානගේ, ජානක තිස්සකුට්ටිආරච්චි, ජයන්ත කැටගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, කුමාරසිරි රත්නායක, ජගත් සමරවික්‍රම, පියල් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීහු මෙලෙස චෝදනා නැගූ මැති ඇමැතිවරු අතර ඉදිරියෙන්ම සිටි අයවෙති.

අමාත්‍යංශ 5කට චෝදනා නැගූ ඔවුන් එයින් අමාත්‍යංශ 3 ක වැය ශීර්ෂ ඉදිරි අයවැයේදී පරාජය කරන බවට සපථ කර ඇත.

දේශීය හා විදේශීය රැකියා ලබාදීමේදී මන්ත්‍රීන් සඳහා කෝටාවක් වෙන්කර ඇති බැවින් ඊට අදාළ ලැයිස්තු ලබාගෙන එම ලැයිස්තුවල නම් සඳහන් එක් තැනැත්තකුට හෝ රැකියා ලබා නොදීම, අසාධාරණ ලෙස ඉඩම් බෙදා දීම, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂ මන්ත්‍රීන්ට ප්‍රමුඛතාව ලබාදීම, ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ යෝජනා ගණන් නොගැනීම හා ප්‍රවාහන අමාත්‍යංශයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් මෙලෙස පසුපෙළ මන්ත්‍රීවරු අමාත්‍යවරුන් ගණනාවකට දැඩි ලෙස එහිදී ච‌ෝදනා කර ඇති බව පැවසේ.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ තවත් විපක්ෂ දේශපාලනඥයෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ ආශීර්වාදය මත පාසල්වලට දරුවන් ඇතුළත් කරන බවට ද චෝදනාවක් එල්ලවී ඇත.

මීළඟ ‌විශ්වාස භංගය ලංසාගේ ඇමතිකම දුන් නලින්ට

මේ කණ්ඩායම, දයාන් ලංසාග‌ේ ඇමතිකම ලබාදී ඇති වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුගේ හැසිරීම සම්බන්ධයෙන්ද කළ කිරී ඇති බව පැවසේ.

ඔහු ලන්සා හා හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පදයට නටමින් අක්‍රමිකතා සිදු කරන බවට ද ආදාළ පසු පෙළ මන්ත්‍රීවරු අතර කතා බහක් ඇතැයි පැවසේ.

මේ අතර, සමගි ජනබලවේගය මීළඟ විශ්වාසභංගය ගෙනඒ්මට සැරසෙන්න‌ේ බඩ ඉරිඟු බදු අඩු නොකොට බිත්තර හා කුකුල්මස් ප්‍රශ්නය හත්පොලේ ගාගත් නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව බවද වාර්තා වේ.

මෙම ප්‍රශ්න සියල්ල ජනාධිපතිවරයා හමුවේ පවත්වන විශේෂ රුස්වීමකදී සාකච්ඡා කළ යුතු බවද මෙසේ කලකිරී සිටින පිරිස් අගමැතිවරයාට යෝජනා කර ඇති බව වාර්තා වේ.

උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් ඊයේ (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව ගැනෙන ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන දිනයන්හිදී විදේස්ගතවීම තහනම් කර තිබේ.

සබැඳි පුවත්
ජනපති මැති ඇමති මන්ත්‍රීලාට රටයාම තහනම් කරයි

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved