පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ නිල නිවාසයේ රැඳී සිටියේ මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව බව ඒ් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජයසුමන මහතා ඇමති ධූරය දැරූඋ සමයේ ලබා දී තිබූ නිල නිවසේ බලහත්කාරයෙන් රුදී සිටියදී ඉන් නෙරපා හැරීමට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් ලබා දී ඇති බවට දිනමි පුවත් පතේ පලව තිබූ පුවතට අදාලව මේ නිවේදනය නිකුත්කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
චන්න ජයසුමන නිල නිවසේ බලෙන් රැඳී සිටියාද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඇමති ධුරය දැරූ කාලයේ තමන්ට හිමි වූ නිල නිවසේ බලෙන් රැඳී සිටි බවත් ඔහු ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබුණු බවත් දක්වන පුවතක් දිනමිණ පුවත්පතේ පළ වී ඇත.
එ මහතා නිල නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමෙන් ලබාදුන් තීන්දුවකට අනුවයි.
2022 මැයි මස 9 වෙනි දින නිවාස ගිනි තැබීම් වලින් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වන්දි ලබා දීමේදී සිදුවන අසාධාරණය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව තවදුරටත් නිල නිවාසය රැඳී සිටීමට චන්න ජයසුමන මහතාට අවස්ථාව හිමි විය. එසේ රැඳී සිටි කාලසීමාවට අදාළව නිවාස කුලී සහ අනිකුත් සියලුම ගෙවීම් මන්ත්‍රීවරයා සිදු කර ඇත.
මේ සම්බන්ධව නීතිමය කෘත්‍යයක් සිදුවන බව මන්ත්‍රීවරයා දැනුවත්ව සිට නැති අතර, මෝසමක් මගින් ගරු අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
මාධ්‍ය ලේකම්
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන
සබැඳි පුවත්
රජයේ නිල නිවසක බලෙන් සිටි චන්න ජයසුමන එළියට දායි