Connect with us

පුවත්

නාමල්ගේ විදුලි බිල ගැන සොයන්නැයි විජිත‌ගෙන් පෙත්සමක්

Published

on

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලි බලය සැපයීම පිළිබඳ පර්යේෂණයක් පවත්වා ඒ පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසද ඒ පිළිබඳ බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඊට වගකිව යුතු වග උත්තරකරුවන්ට සුදුසු පියවර ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා නීතිඥ විජිත කුමාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් විදුලි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ :

පෙත්සම්කරු විදුලි පාරිභෝගිකයෙකි. වෘත්තියෙන් නීතිඥවරයෙකි .හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය පසුගිය සැප්තැම්බර් 12 වැනිදා බෙලි අත්ත ප්‍රදේශයේදී උත්කර්ෂවත්ව පැවැත්වින.මේ සඳහා ප්‍රවාහන පහසුකම්ද සපයා තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා විසින් මෙම ප්‍රදේශයට විදුලි ආලෝකය සපයන ලෙස එවකට විදුලි බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.ඒ අනුව ආරක්ෂක ලාම්පු 150 ක තාවකාලික විදුලි සැපයුමක් සිදුකර තිබේ.මේ සඳහා විදුලි උත්පාදක යන්ත්‍ර සවි කිරීමට රුපියල් 439152.34 ක මුදල ක්ද ට්‍රාන්ස්ෆෝමර් සඳහා රුපියල් 2243114.23 ක මුදලක්ද වැයවී ඇත.මෙම උපකරණ 2019 සැප්තැම්බර් 17 වැනිදා දක්වා තබාගෙන ඇත.මෙම උපකරණ සඳහා ඉන්ධන සැපයීමද සිදුකර තිබේ.මෙම සිද්ධීන් පිළිබඳ ජනමාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු පෙත්සම්කරුවන් ඒ පිළිබඳ තොරතුරු සොයා බලා තිබේ.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුවන්ගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වී තිබේ.මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද මෙම සිද්ධීන් පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට විදුලිබල මණ්ඩලයට නියෝග කරන ලෙසද බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ට එරෙහිව සුදුසු පියවර ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

(ලංකාදීප)

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved