Connect with us

පුවත්

බේරේ වැව සුද්ද කරන්න ජෝජ් ලංකා අවිත් ඇත්ත‌ේ අනවසරයෙන්

Published

on

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර දුගඳ නොමැතිව පවත්වාගෙන යාමේ රාජ්‍ය ව්‍යාපෘතියට තෝරාගෙන ඇති සිංගප්පූරු සමාගමක් වන Groepo Pte. Ltd සමාගම හා එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd සමාගම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ආයතනවල අනුමැතිය ලබාගෙන නොමැති බව පරිසරවේදී හු කියති.

විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක අදාළ ව්‍යාපෘතිය අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

අදාළ සමාගම බේරේ වැව සුද්ද කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමක් යොදා ගැනීමට නියමිත අතර ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය මෙන්ම අධීක්ෂණය ද අවශ්‍ය බව පරිසරවේදී හු පෙන්වා දෙති.

බේරේ වැව පිරිසිදු කිරීමට අදාළ සමාගම විසින් අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට නියමිත බවද පැවසේ.

අදාල යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි ඇත.

මේ අතර, මෙම ව්‍යාපෘතියට අදාළව බේරේ වැවට එකතු වන මලාපවහන ජලය හා අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කරන ලෙස ඊට අදාළ රාජ්‍ය ආයතනවලට කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ අතර, මෙහි මෙහෙයුම් කටයුතු අධීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල් සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් කමිටුවක්ද නම් කර ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්

බේරේ වැවේ ගඳ යවන්න සිංගප්පූරු සමාගමකට බාරදෙයි 

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

ලංගම ඩිපෝ 25ක් ගැන තීරණයක්

Published

on

By

තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට පසුගියදා (20 ) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

බිමල් රත්නායක මහතා පවසා සිටියේ, ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවය.

“එදා සුළු පිරිසක් හොරකමට දායක වුණා. අනෙක් අය නිහඬව බලා සිටියා. ලොකු ලොකු අය ලොකු ලොකුවට හොරකම් කරන කොට පොඩි පොඩි අය පොඩි පොඩියට හොරකම් කරන්න පුරුදු වුණා. ඇමතිවරයා හොරකම් කරකර ආයතනය විනාශ කරනවා දකින සුලු සේවකයාට කැරකෙන විදුලි පංකාවක් නිවා දමන්න හිතෙන්නේ නෑ.

ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම්.ඒ සඳහා සියළු තරාතිරම්වල සියළුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය යි. දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ හොයන්න කළින් සිද්ධවෙන පාඩු නතර කරගන්න ඕනෑ.ටිකට් කැඩීම සහ ටිකට් මුදල් එකතු කිරීම විධිමත් කළ යුතුයි.ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයි”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved