Connect with us

පුවත්

චැනල් 4 ගැන යූ.එන් පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4 නාලිකාව’ කළ වාර්තාව වැඩසටහන සම්බන්ධයෙන් සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව පළකරන බවත් එම වාර්තාව විමර්ශනයින් පසුව පිළිගැනීමට සූදානම් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (06) පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේදී ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසූහ.

චැනල් 4 නාලිකාව’ වාර්තා වැඩසටහනෙන් හෙළි කළ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ පසු පස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැදුණ සියලු වැඳගත් කරුණු මෙන්ම පුද්ගලයන් පිළිබඳව, පාස්කු ප්‍රහාර පිළිබඳව මේ දක්වා කර ඇති විමර්ශන සහ කොමිසන් සභා වාර්තාවලින් හෙළි වුණද නිසි විමර්ශනයකට ලක්නොවූ කරුණු පිළිබඳව ද අපක්‍ෂපාතී සාධාරණ පුළුල් විමර්ශනයක් ආරම්භ යුතු බවත් එම විමර්ශනය ස්වාධීනව කිරීම සඳහා එම විමර්ශනයට ලක්වන පොලිසියේ උසස් තනතුරු දරන සියලුම නිලධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තෙක් අත්හිටුවිය යුතු බවත් අගරදගුරුතුමා කීහ.

(ලංකාදීප)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved