Connect with us

පුවත්

මිනුවන්ගොඩ Brandix inqube ත් වැසෙයි; මිහින්තලේ MAS අවසන් පඩිය අද?

Published

on

මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් සමාගමට අයත් බ්‍රැන්ඩික්ස් ඉන්කියුබ් (Brandix inqube) කර්මාන්ත ශාලාවද තාවකාලික වසා දැමීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වේ.

අදාළ ආයතනය වසා දැමීමෙන් 1000 කට ආසන්න පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මීට පෙර බ්‍රැන්ඩික්ස් සමාගමට අයත්, කහවත්ත හා වැලිසර පිහිටි කර්මාන්ත ශාලා ද එම පරිපාලනාධිකාරිය වසා දැමීමට කටයුතු කළේය.

මේ අතර, පසුගිය කාලයේදී බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් මහතා නිතර නිතර ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙන බවටත්, කෙටි සහ මැදි කාලීනව ඉතා විශාල රැකියා අහිමිවීමක් ඒ අනුව සිදුනන බවටත්, මාධ්‍යට ප්‍රකාශ කර කරමින් මේ සඳහා ඉඟි සැපයූ බව ක්ෂ‌ේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දැමීමේදී ඒවායේ පාලකයන් ඇඟලුම් නිෂ්පාදන වෙනුවෙන් සුපුරුදු පරිදි ඇණවුම් නොලැබීම, එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය නිසා පැනනැගී ඇති ඩොලරයේ අස්ථාවරභාවය හ‌ේතුවන බව ප්‍රකාශ කිරීම මේවන විට සුලබ කාරණාවක් වී තිබේ.

ආසියාව තුළ බ්‍රැන්ඩික්ස් සමාගමට අයත් කර්මාන්ත ශාලා කිහිපයක් ඉන්දියාව, බංග්ලාදේශය හා කාම්බෝජය වැනි රටවල පිහිටා ඇති අතර ඒවා ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන බවද පැවසේ.

වසර 1969 දී එම්.එච්. ඕමාර් මහතා විසින් ආරම්භ කරන ලද බ්‍රැන්ඩික්ස් සමාගම දශක පහටත් වඩා වැඩි කාලයක් මෙරට මුදල් ඉපැයූ ප්‍රධානම ආයතන අතර ඉදිරියෙන්ම සිටි ආයතනයක් සේ සැලැකේ.

එසේම, ඕමාර් මහතාට මේ ව්‍යාපාරයට පදනම වැටුණේ ලංකාවේ වත්මන් නවීන ඇඟලුම් කර්මාන්තයේ පියා ලෙස සැලකෙන ඇමරිකාවේ ඉදිරි දැක්මක් සහිත ව්‍යාපාරිකයෙක් වූ මාර්ටින් ට්‍රස්ට් හරහා බව පැවසේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය 1969 දී පිහිටුවා ඇත්තේ ඔහුගේ සහායෙනි.

ඉන්පසු 1972 දී පමණ ඕමාර් ගෲප් නම් සමාගම සමග බ්‍රැන්ඩික්ස් සමූහ සමාගමක් බවට පත්ව තිබේ.

පසුව ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වූ දේශමාන්‍්‍ය කෙන් බාලේන්ද්‍රන්‍ මහතා ගේ සභාපතිත්වයෙන් සහ ප්‍රධාන විධායකත්වයෙන් යුතුව බ්‍රැන්ඩික්ස් සමාගම ලංකාවේ ඇඟලුම් ක්ෂත්‍රයේ ඉහලටම ගියේය.

කෙන් බාලේන්ද්‍රන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු බ්‍රැන්ඩික්ස් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ අශ්රොෆ් ඕමාර්ය.

එසේම, GSP ප්ලස් බදු සහනය භුක්ති විඳි ලයිස්තුවේ ඉහලින්ම සිටින සමාගම් අතර ද බ්‍රැන්ඩික්ස්ට ප්‍රධාන තැනක් හිමිවේ.

යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP (Generalised Scheme of Preferences) යනු සංවර්ධනය වෙමින් පවතින රටවලින් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන වෙනුවෙන් අවම තීරුබදු මුදලක් ගෙවීම හෝ සම්පුර්ණ තීරුබදු රහිතව අපනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීම යි.

පණඅදින මිහින්තලේ MAS

මේ අතර, වසර 36කට ආසන්න කාලයක් මෙරට විශාලතම ඇඟළුම් අපනායන සමගමක් ලෙස විශාල ධනස්කන්ධයක් රැස්කරගත් මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලාව අද (10) සිට මාස 4ක කාලයකට තාවකාලිකව වසා දැමීමට තීන්දු කර ඇති  බවද වාර්තා වේ.

එසේම එම කර්මාන්ත ශාලාවේ සේවකයන්ට සියලු දීමනා සහිතව ලබාදනෙ අවසන් වැටුප ද මෙය බව පැවසේ.

අදින් පසුව එළඹෙන මාසවලදී එහි සේවකයන්ට ලැබන්නේ මූලික වැටුප පමණක් බවද වාර්තා වේ.

එහි සේවය කරන දක්ෂ සේවකයන් අදාළ සමාගම සතු දෙස් විදෙස් කර්මාන්ත ශාලාවලට අනුයුක්ත කිරීමට ද සැලැසුමක් ඇති බව පැවසෙන අතර කෙසේවුවද, මේ කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් පසුව දහසකට ආසන්න පිරිසකට රැකියා අහිමිවන බවද ක්ෂ‌ේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තාවකාලිකව වැහුවත් රැකියාවලට බඩුම තමයි

කෙසේවුවද, තාවකාලිකව කර්මාන්ත ශාලාවක් වසා දැමීම එහි සේවකයන්ගේ රැකියා අහිමිවීමේ අවදානමට සෘජුවම බලපාන බව අප කළ විමසීමකදී නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා කියා සිටියේය.

මෙසේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ විට කර්මාන්ත ශාලාවේ හිමිකරුවට ලබාදෙන්නේ මූලික වැටුප පමණක් බවත්, එම කර්මාන්ත ශාලාවල සේවකයන්ගේ මූලික වැටුප ඉතා අවම බවත් ඔවුන් ඔවුන්ට ඉන් ජීවත් විය නොහැකි බවත් මාකස් මහතා ‌කියා සිටී.

එම සේවකයනට මූලික වැටුපට අමතරව එකතුවන පැමිණීමේ දීමනාව, උනන්දු දීමනාව සේම ‌අඩු මිලට හෝ නොමිලේ ලැබෙන  ආහාර ‌වේල් ද වැදගත් බව  ඇන්ටන් මකස් මහතා පෙන්වා දෙයි.

කර්මාන්ත ශාලාව වැසීමෙන් පසුව ලැබෙන්නේ මූලික දීමනාව පමණක් නම් ඉන් සේවකයන්ට  ජීවත්වීම නොහැකි නිසා ඔවුන් රැකියාවෙන් ඉවත්වීමට කටයුතු කරක බවත්,  එය මෙවැනි කර්මාන්ත ශාලා හිමිකරුවන්ට වන්දි නොගෙවා සේවකයන්ව ඉවත් කිරීමට විශාල පිටුවහලක් ලැබෙන බවද ඔහු කියා සිටී.

වන්දි නොදී සේවක සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම සමාගම මෙම සැලැසුම ම කොවිඩ් කාලයේදීත් ක්‍රියාත්මක කළ බවද ඔහු අවධාරණය කළ‌ේය.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved