රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියම වු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටු වලින් ඉවත් කරන ලෙසට වූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාට පසුගියදා බාර දී ඇත.
අලි සබ්රි රහීම් මහතා ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවද නියෝජනය කරන මන්ත්‍රීවරයකු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කෙසේවෙතත් රහීම් මන්ත්‍රීවරයා කර ඇති විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට විමර්ශනයක් සඳහා යොමු කර ඇති බැවින්, මන්ත්‍රීවරයා එම කාරක සභා නියෝජනය කිරීම ගැටලු සහගත වන හෙයින්, එම විමර්ශනය අවසන් වනතෙක් ඔහු සියලු කමිටු නියෝජනය නොකළ යුතු යැයි විපක්ෂ නායකවරයා එම යෝජනාවෙන් ප්‍රකාශ කරයි.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.
මේ අතර, රහීම් මහතාගේ එම විෂමාචාර ක්‍රියාව පිළිබඳව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්ද සමගි ජන බලවේගය පක්ෂය විසින් කතානායකවරයාට මීට පෙර බාර දෙනු ලැබීය.
(මූලාශ්‍රය : ලංකාදීප)
සබැඳි පුවත්
“රත්රන් සබ්රි“ ගැන සුසිල් විමර්ශනයක් ඉල්ලයි
අලි සබ්රි රහීම් ඉවත් කරන්න යෝජනාවක්