Connect with us

පුවත්

කළුබෝවිටියාන තේ සමාගම‌ට කෝප් කමිටුවෙන් පැසසුම්

Published

on

කළුබෝවිටියාන තේ සමාගම පසුගිය වසරේදී කෝටි 200ක ආදායමක් උපයාගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය විය.

කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 08දා කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ආයතනයේ වැඩිම ආදායම ලෙස කෝටි දෙසීයක්ද බදු ගෙවීමෙන් පසු කෝටි 21ට වැඩි ලාභයක්ද ගතවූ වසරේ වාර්තා කිරීමට සමත්වූ බව කළුබෝවිටියාන සමාගමේ සභාපති අමින්ද රොද්‍රිගෝ මහතා පැවසීය.

කළුබෝවිටියාන තේ සමාගම සතුව මාතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්ත ශාලා හතරක් පවතින බවත් දළු ගැනීම ඇතුළු අභියෝග රැසකට මුහුණදී සාර්ථකව ඒවා ජයගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම රාජ්‍ය ආයතනයක් ලෙස රජයේ  නීතිරීතිවලට අනුගත වෙමින් සමාගම සාර්ථකත්වය කරා ළඟාවූ බවද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

මෙවැනි ඉහළ කාර්ය සාධනයක් පෙන්වන ආයතනයක් හමුවූයේ බොහෝ කාලයකින් පසුව බව කී කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, මෙවන් වාර්තාගත ආදායමක් උපයා ගැනීම සම්බන්ධයෙන් එම සමාගමේ පාලනාධිකාරියට එහිදී ප්‍රශංසාව පුද කළේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නිමල් ලන්සා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සංජීව එදිරිමාන්න සහ එම් රාමේශ්වරන් යන මහත්වරුන්ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක්ද සහභාගි විය.

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved