Connect with us

පුවත්

කුඩුත් එක්ක මාට්ටු වූ හිඟන්නාගේ දිනක ආදායම දහදාහයි

Published

on

මත්කුඩු මිලිග්‍රැම් 120ක් සමග ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් යාචකයකු දෛනිකව රුපියල් අටදහසක, දසදහසක ආදායමක් උපයන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇතැයි ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසයි.

මෙම යාචකයා මත්කුඩු හා මත්පැන් පානයට ඇබ්බැහිවි සිටින හතලිස් දෙහැවිරිදිවියේ පසුවන අයෙකි.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු පැකැට්ටුවක් සමග කළුවැල්ල දේශයේදීය.

සැකකරු යුධ හමුදාවේ සේවය කරමින් සිටියදි හදිසි අනතුරකට ලක්ව පාදයක් අහිමි වි ඇති අයෙකු බව පොලිසිය පවසයි.

 යුධ හමුදාවෙන්ඉවත්ව ඇත්තේ ලක්ෂ 03කට වැඩි වන්දි මුදලක් ලබාගෙන බවද හෙළිව තිබේ.

මෙම යාචකයා දෛනික උපයන ආදායමෙන් රුපියල් තුන්දහසක මුදලක් බැංකු ගතකරණ බවත් දිනපතා ත්‍රි රෝද රථයකින් ගොස් නිති විරෝධි මත්පැන් පානය කරණ බවත් පොලිසිය විසින් මොහුගෙන් කරනු ලැබු ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇත.

සැකකරු මාතර ප්‍ර දේශයෙන් විවාහ වි ඇති අතර දරු දෙදෙනාට නඩත්තුව සදහා මාසිකව රුපියල් 10000ක මුදලක් ලබාදෙන බවද විමර්ශන වලදි අනාවරණය වි ඇත.

මොහු ලක්ෂ 80ක මුදලකට ඉඩමක් මිලදි ගෙන ඇති බවද පොලිසිය පවසයි.

මෙකි යාචකයා ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබා ඇති අතර හදිසි අනතුරට ලක්වි පාදයේ ඇති වු අබාධයත් සමග සිගා කැමට යොමුවි ඇත.

ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මේරි නිමල්, පො සැ 43504 අබේතුංග, පො කො 67482 එදිරිසිංහ යන නිලධාරින් විසින් මෙම යාචකයා අත්අඩංගුවට ගෙන ඇත.

පුවත්

සිරි දළදා වන්දනා කමිටුවෙන් නව තීරණයක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළයෑමත් සමග යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

අද (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

අද දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින් යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.

මීට අමතරව සැදැහැවතුන් සඳහා සැපයෙන පහසුකම් සම්බන්ධයෙන් ද සිරි දළදා වන්දනා කමිටුවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය පුතු දෙදෙනෙකු ගැන සැකයක් (UPDATE)

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

වැල්ලම්පිටිය පොලීසිය විසින් මෙම කරුණු වාර්තා කිරීම සිදු කර තිබුණි.

පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙළිවී ඇති බව දැනුම්දී තිබේ.

ඒ අනුව බන්දුල පියල් හා මාධව සුදර්ශන යන පිය පුතු  දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ පොලීසිය මියගිය තැනැත්තාගේ සහෝදරයකු වන තිළිණ  ප්‍රසාද් නමැත්තා මීට වසර කිහිපයකට ඉහතදී  කපා කොටා ඝාතනය කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවත් පැවසීය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඉදිරි විමර්ශන සිදු කරන බවත් පොලීසිය අධිකරණයට දැනුම්දුනි.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධය සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතව ඇත.


(පෙර පුවත 2025 අප්‍රේල් 23 ප.ව.12.54 )

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

නිමේෂ්ගේ මළසිරුර යළි ගොඩගනියි (UPDATE)

Published

on

By

වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි නිමේෂ් සත්සර නම් තරුණයාගේ මළසිරුර භූමදානයෙන් දින 21කට පසුව  අද (23) යළි ගොඩගනු ලැබීය.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ මෙය සිදුවිය.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක්, බදුල්ල පොලිස් අපරාධ කොට්ටාශයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මියගිය නිමේෂ්ගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 09වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකදී දුන් නියෝගයකට අනුව මෙම මළසිරුර ගොඩගන්නා ලදී.

තම දරුවා අප්‍රේල් මස 01වනදා වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මියගොස් ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලීසිය විසින් කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙහිදී මෘත දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ලබා දුන් තීන්දුවක් මත ඉකුත් 09වනදා පස්වරුවේ සිට මියගිය නිමේෂ් සත්සරගේ සුසානය වෙත කන්දකැටිය පොලීසිය මගින් ආරක්ෂාව සපයා දී තිබිණි.

ඒ අනුව අද ගොඩගත් නිමේෂ්ගේ මළසිරුර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගියේය.

මළසිරුර යළි ගොඩගත් අවස්ථාව දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවසීන් විශාල පිරිසක් එම ස්ථානය වෙත පැමිණ සිටියහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 23 ප.ව.3.10 )

වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා   මියගිය  26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ  දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.

අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.

වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන රෝහ­ල්ගත කිරී­මෙන් පසුව මිය­ගිය බව කියන මීග­හ­කි­වුල, පහ­ල­ගෙ­දර තුරු­ලිය සෙවන පදිංචි මුතු­වා­ඩි­යගේ සත්සර නිමේෂ් නැමැති 26 වියැති තරු­ණ­යාගේ මර­ණ­යට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන්නැයි ඉල්ල­මින් මීග­හ­කි­වුල හා අවට ප්‍රදේ­ශ­වා­සීහු පසුගිය  (07) වැනිදා මීග­හ­කි­වුල නග­ර­යේදී නිහඬ උද්ඝෝ­ෂ­ණ­යක් ද සිදු කළහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved