Connect with us

පුවත්

“පොලීසිය, දේශපාලනඥයින්ගෙන් වෙන්ව තැබිය යුතුයි”

Published

on

වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් ලබාදුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩ නැගිය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එ බැවින් ඒවායේ දියුණුවට පවතින බාධාවන් හඳුනාගෙන ඉදිරිපත් කිරීමේ වගකීමක් මුදල් කොමිෂන් සභාව සතුව පවතින බව සභාපතිවරයා පැවසීය.

2024දී ළමා පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් පළාත් සභා වලට රු. බිලියන 16.6ක්
පළාත් සභා ක්‍රියාත්මක නොවන කාල සීමාවේදී පළාත් සභා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම වැඩි කර තිබෙන බව මුදල් කොමිෂන් සභා නිලධාරීහු මෙහිදී පැවසුහ.

තව දුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් සඳහන් කළේ 2024 වර්ෂයට පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීමේදී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් රුපියල් බිලියන 16.6ක මුදලක් වෙන්කිරීමට කටයුතු යොදා තිබෙන බවයි.
ඒ අනුව පළාත් සභා සඳහා කෙතරම් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවාද, ඊට සමගාමීව පළාත් සභා අත්‍ කරගෙන තිබෙන ප්‍රගතීන් මොනවාද යන්න පිළිබඳව කමිටුව දැනුවත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබාදෙන ලදී.

“පොලීසිය, දේශපාලනඥයින්ගෙන් වෙන්ව තැබිය යුතුයි”
පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවේ අදහස් දැක්වූ සභාපතිවරයා,පොලීසිය තවදුරටත් ජනතා මිත්‍රශීලි ආයතනයක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. ඒ අනුව පොලිසිය දේශපාලනඥයින්ගෙන් වෙන්ව තැබිය යුතුයි බව සභාපතිවරය අවධාරණය කළේය.

මෙහිදී පොලිස් කොමිෂන් සභා නිලධාරීන් තම සේවා කටයුතු සිදු කිරීමේදී මුහුණ දී සිටින දැඩි මානව සම්පත් හිඟය පිළිබඳව සභාපතිවරයාගේ අවධානය යොමුකරන ලදී.

ඒ අනුව දැනට පොලිස් කොමිෂන් සභාවේ ප්‍රගතිය ගැන වාර්තාවක් සකස් කරන ලෙසත් එම වාර්තාවට පවතින අභියෝග හා ගැටලු පිළිබඳවද ඇතුලත් කර කමිටුවට භාර දෙන සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාව සඳහා කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, චමින්ද වි‍ජේසිරි, මොහමඩ් මුසම්මිල්, රෝහණ බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ  යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved