Connect with us

කලා

අජන්ත සෙනෙවිරත්නගේ “Father For A Buddha” හෙට එළිදකී

Published

on

ප්‍රවීන සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව හෙට (සැප්තැම්බර් 19දා) සවස් 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වීමට නියමිතය.

එය සුද්ධෝදන මහරජතුමාගේ ජීවිත කතාව අලළා ලියැවුණු එකකි.  අජන්තගේ නවතම සාහිත්‍ය කෘතිය “සර්වකාලීන සහ විශ්වීය තේමාවක්” සහිත එකක් වනුයේ එය මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පෞරුෂයක් වන සුද්ධෝදන රජු වටා ගෙතුණු කතාවක් බැවිනි.

තම පුතු කෙරෙහි තිබුණු උතුරා යන ආදරය නිසා ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දුන් සුද්ධෝදන රජතුමා අවසානයේ දී තමන් මුහුණ දුන් සියලු පසුබෑම් නොතකා සංසාරය ජය ගත්තේය. දක්‍ෂ ලේඛකයෙකු වන අජන්ත, සුද්ධෝදන රජුගේ චරිතයට අදාළ ජීවන කරුණු එක්රැස් කර ඒවා නිසි පිළිවෙළට සකස් කරමින්, ඉහළ නිර්මාණශීලී කලාත්මක බවකින් යුතු ආඛ්‍යානයක් ප්‍රතිනිර්මාණය කර ඇත. එමෙන්ම එහි අවසාන ප්‍රතිඵලය වී තිබෙණුයේ සාහිත්‍යය තුළ අමරණීය වූ ඓතිහාසික පෞරුෂයක් ශේෂ කිරීමය. ලෞකික ස්ථානයක සිට පියවරෙන් පියවර ගොඩ නගමින් උසස් අධ්‍යාත්මික තත්වයක් සාක්ෂාත් කර ගැනීම දක්වා කතුවරයා විසින් සුද්ධෝදන චරිතය, ඉතා අලංකාර ලෙස ගොඩ නගා තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ, ආචාර්ය ස්පෙන්සර් ජොන්සන්ගේ “Who Moved My Cheese” කෘතියේ සිංහල පරිවර්තනය අජන්ත සෙනෙවිරත්න විසින් රචනා කරන ලද්දකි. ඔහු විසින් රචිත “රාහුලයෙක් උපන්නා” සහ “පුත් පෙමින්” ඓතිහාසික සිංහල නවකතාවන් බෞද්ධ සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා ප්‍රසිද්ධය. විවිධ ක්ෂේත්‍ර අලළා දැනටමත් සිංහල පොත් විස්සක් රචනා කර ඇති අජන්ත සෙනෙවිරත්නයන්ගේ පලමු ඉංග්‍රීසි නවකතාව “Father for a Buddha” වේ. මෙය සරසවි ප්‍රකාශනයකි.

කලා

එකම වේදිකාවක සම්මානනීය වූ තාත්තයි දුවයි

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්‍රියේ සම්මානයට පාත්‍ර විය.

ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්‍රියේදීයි.

එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය.

ඒ, ”Pride of Global (Music) 2022” සහ ”Global Icon (Music) 2023” යන සම්මාන ද්විත්වයටයි.

BWIO විසින් සංවිධානය කරන ලද මෙම විශිෂ්ටතා සම්මාන උළෙල ගෝලීය වශයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායක විශිෂ්ටයින් ඇගයීම උදෙසා ක්‍රියාත්මක වන්නකි.

Continue Reading

කලා

එජාප මැයි රැලි සංගීතයට ගායක ගායිකාවන් ඉන්දියාවෙන්; සංගීතේ ශේන් සිංගෙන්

Published

on

By

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30) මෙරටට පැමිණ තිබිණි.

මෙම සංගීත ප්‍රසංගය අද (01) රාත්‍රි 07.00 සිට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

එහි ගීත ගායනා කිරීම සඳහා විජේ බාලක්‍රිශ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් ආදි ගායන ශිල්පීන් පැමිණ ඇත.

ඊට අමතරව ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා අද (01) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශේන් සිං ප්‍රමුඛ ‘ලයින්වන්’ සංගීත කණ්ඩායම ඊට සංගීතය සපයන අතර අදාළ ප්‍රසංගය නොමිලේ පැවැත්වේ.

Continue Reading

කලා

ජගත් මනුවර්ණට වෙඩි වැදිලා!

Published

on

By

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඔහුට සිදුව ඇත්තේ සුළු තුවාලයක් පමණක් බව වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන රැසක් රැගත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව ඇත.

අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම අනතුර සිදුව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved