Connect with us

පුවත්

බදුල්ලේ සිදුවන ‌බොහෝ මරණ වලට රෝහල වගකියයිද?

Published

on

බදුල්ල මහ රෝහලේ ඉකුත් වසර තුළ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ 1,883කින් 770 දෙනෙකුම මරණයට පත්ව ඇත්තේ හෘදයාබාධ වැළඳී බවට තහවුරු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

රෝහල තුළ එන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය මතුව ඇති බව එම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේය.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“මෙම යන්ත්‍රය නැත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, ඒ වගේම ඌව පළාතේ ශික්ෂණ රෝහලේ සහ රත්නපුර ශික්ෂණ රෝහලේ පමණයි. එතකොට ඌව පළාතේ මිලියන 1.5ක් වන ජනතාවට මෙම යන්ත්‍රයෙන් අවශ්‍ය සේවය ලබාගැනීමට නම් ඔවුන් කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල,ඒ වගේම කළුතර නාගොඩ රෝහල, ඒ වගේම කරාපිටිය රෝහල, අනුරාධපුර රෝහල, පොළොන්නරුව රෝහල වගේ රෝහල් කරා යන්න ඕනේ. රෝහල් දත්තයන් සැලකීමේදී පසුගිය වසරේ පමණක් අපේ රෝහලේ පමණක් හෘදරෝග ඒකකයට 2,179 දෙනෙක් ඇතුළු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම මේ රෝගින් 750කට තමයි ඇන්ට්‍රිජන් පරීක්ෂණය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මේ හෘද රෝග දැඩිසත්කාර ඒකකයේ බදුල්ලේ පමණක්, මේකේ ශෝචනීය පැත්ත තමයි ගිය අවුරුද්දේ පළාත් මහ රෝහලේ සිදුකරලා තියෙනවා පශ්චාත් මරණ පරීක්ෂණ 1,887ක්. එයින් 770 ගාණක් සිදුවෙලා තියෙන්නේ හෘදයාබාද මත. හරියටම රෝහලේ සිදුවුණ මරණවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් 40%ට ආසන්න ප්‍රමාණයක් හෘදයාබාද වැලඳුන රෝගින්.”

මේ අතර, මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසා ඇත.

ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසයි.

ඔවුන් සඳහන් කළේ අද (20) සිට ලබන බදාදා (22) දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව සඳහන්ය.

Continue Reading

පුවත්

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටින ලදී.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණයවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයා වෙත දන්වා තිබුණි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved