Connect with us

පුවත්

විදුලිබල මණ්ඩලය දැඩි වෘත්තීය සමිති සටනකට සැරසෙයි

Published

on

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ.

නව පනත් කෙටුම්පත හරහා විදුලිබල මණ්ඩලය කොටස් 14 කට වෙන් කර පෞද්ගලික අංශයට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඊට විරෝධය පළ කරමින් ආරම්භ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද (20) පැවැත්වෙන බවත් රන්ජන් ජයලාල් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved