Connect with us

පුවත්

කාර්ගිල්ස් චණ්ඩි 5ක් අත්අඩංගුවට; 2ක් සොයයි; සේවකයෝ චණ්ඩිවුණේ ඇයි?

Published

on

කාර්ගිල්ස් ෆ්‍රඩ්සිටි (Cargills Foodcity) හිදී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ පිහිටි කාර්ගිල්ස් සුපිරි වෙලද සලක් තුළදීය.

පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ‌පොලිසිය සොයමින් ඇතැයි ද මේ අතර වාර්තා වේ.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වේ.

සේවකයෝ චණ්ඩි වුණේ ඇයි ?

මේ අතර පිරිසක් එම පහරදීම සාධාරීණීය කිරීමට ද විවිධ උත්සාහයන් දරමින් සිටින බවට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ.

ඒ අතර මේවන විටද ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතන අදාළ සිද්ධිය වූ ස්ථානයේ නම සඳහන් නොකොට පුවත් පල කිරීමට ද කටයුතු කරමින් සිටී.

කෙසේවුවද, සෑම සියල්ලන්ම කාර්ගිල්ස් හි සේවකයන් විසින් ීතිය අතට ගැනීම සම්බන්ධයෙන් බරපතලව විවේචනය කර ඇත.

මේ අතර, සේවකයන් මෙසේ ප්‍රඩණ්ඩවීමට කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity) හි දරදඬු පාලනය හේතුවක් බව මානව හිමිකම් සංවිධාන හා පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන පෙන්වාදී ඇත. 

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් අප කළ සොයා බැලීමකදී කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity) හි පාලනාධිකාරිය විසින් එහි සේවකයන්ට පනවා ඇති දැඩි නීති රීති ගැන ඔවුන් පීඩනයකින් පසුවන බවත් හෙළිකර ගැනීමට හැකි විය.

පහත දැක්වෙන්නේ කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity) හි සේවකයන්ව පීඩනයට පත් කරණ දැඩි නීති රීතිවලින් කොටසකි.

  • කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity) තුළ අසුරා තිබෙන භාණ්ඩ එකක් හෝ අඩු වි ඇත්නම් එම වගකීම සේවකයින් විසින් දැරිය යතුවන අතර එහි වටිනාකම ඔවුන්ගේ වැටුපෙන් අඩු කරයි.
  • එමෙන්ම  කාර්ගිල්ස් ෆුඩ්සිටි මුදල් අයකැමීයන් හට උදෑසන යම් මුදලක් (1000/-) ලබාදෙන අතර වැඩ නිමාවීමත් සමඟ සිදුවූ ගනුදෙනුවල අගයත් අදාළ මුදලත් සතයක අඩුවක් නොමැතිව පියවිය යුතු අතර අඩුවක් වුවහොත් ‌මුදල් අයකැමියාගේ වැටුපෙන් හෝ  වෙනයම් අකාරයකින් අයකර ගැනීමට එම පාලනාධිකාරිය කටයුතු කරයි
  • තවද එම සේවකයන් සියළු දෙනාට හට ඔවුන් සේවය කරනු ලබන ෆුඩ්සිටි ශාඛාවේ පවතින වෙළෙඳ රාක්ක බෙදා දී ඇති අතර එම සියල්ලහෙිම වගකීම ද ඔවුන් දැරීය යුතුය.
  • සේවකයන් හට නිවාඩු ලබා දුන්නද සේවකයන්ට අවශ්‍ය දිනයේ නිවාඩු ලබා ගැනීම ඉතා අපහසු කාර්යකි.
  • කාර්ගිල්ස් හි කොටස් කර විකිණීමට තබා ඇති එළවළු කැබලි හා මස් මාළු කැබලි සකස් කළ යතුවන්නේද  සේවකයන් විසිනි. බොහෝ විට එසේ කැබලි කිරීමට ඔවුන්ට සිදුවන්නේ නරක්වීමට ආසන්න ඒවා වීම නිසා ඔවුන් අදාළ කාර්යන් සිදු කරන්නේ දැඩි අප්‍රසන්න භාවයෙන් බවද පැවසේ.
  • සේවකයන්ගේ රැකියා කාලය උදෑසන 7 සිට රාත්‍රී 9 වුවත් ඇතැම්  කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity)හී සේවා වැඩ මුර අවසන් වන්නේ රාත්‍රී 11ට පමණය.

ඇතැම් සේවකයන් ‌කියා සිටින්නේ පාලනාධිකාරිය CCTV පද්ධති නිරීක්ෂණයට කිසිවකු යොදවා නොමැති නිසා එක් එක් ශාඛාවේ සේවකයන්ටම පාරිභෝගික සොරකම් ඇල්ලීමට සිදුවීම පාරිභෝගිකයන් හා සේවකයන් අතර බහින්බස්වීම් හා ගැටුම් ඇතිවීමට හේතුවන බවයි.

මේ අතර, අදාළ ආයතනය විසින් එම සිද්ධියේ සියලු වගකීම් අදාළ ශාඛාවේ සේවකයන් වෙත පවරා නිවේදනයක් නිකුත්කරමින් අතපිහදා ගැනීම සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යයේ දැඩි ලෙස විවේචනය කර තිබේ.

සබැඳි පුවත්
පේජ්ලාගේ කාර්ගිල්ස් ගෝලයෝ පහරදී කතක් නිරුවත් කරයි (වීඩියෝ)

KFC හි කුණු වැල්ලවත්ත මුහුදු වෙරළට දාලා! (ඡායා) 

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved