Connect with us

පුවත්

කුඩු සල්ලිත් ප්‍රියමාලි ළඟ; උණ්ඩියල් සල්ලි කල්ලියත් මාට්ටු!

Published

on

තිළිණි ප්‍රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ අය අතර ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකු සහ එංගලන්තයේ රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවකුගේ මුදල් ඇති බව ද පෙනීගොස් ඇතැයි පැවසේ.

මෙසේ කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් තිළිණිට දී ඇත්තේ එම කුඩු සල්ලි උණ්ඩියල් ක්‍රමයට රටින් පිට කරන ජුවලරි සාප්පු හිමිකරුවන් පිරිසක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

කුඩු සල්ලි දෙගුණ කිරීමට ගොස් මුදල් අහිමි කර ගත් ඒ කිසිවකුත් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර නැතැයි ද පැවසේ.

අහිමි වූ මුදල් ඉල්ලා මේ වන විට එම මුදල් තිළිණිට දුන් ජුවලරි සාප්පු හිමියන්ට තර්ජන එල්ල වෙමින් පවතින බවද ⁣බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තිළිණිට එරෙහිව මෙතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 12ක් පමණක් බවය.

ඇයට මුදල් දී කෝටි ගණනක් අහිමි කර ගත් 100ක් පමණ හඳුනාගෙන ඇතත් ඒ කිසවකුත් ඇයට එරෙහිව පැමිණිලි නොකරන බවත් ඒ අය පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

“අපිට බලෙන් බැහැ කාගෙන්වත් පැමිණිලි ලියාගන්න.” යැයි ද එම නිලධාරියා කීවේය.

ඇයට මුදල් කෝටි ගණනින් දී මුදල් අහිමි කරගෙන සිටින එහෙත් මෙතෙක් ඒ ගැන කිසිදු පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වී නැති අය අතර නිළියන් දෙදෙනකු සහ දේශපාලනඥයන් දෙදෙනකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

තිළිණි විසින් වංචා කර රැස්කර ගෙන ඇති මුදල් ඇය විසින් සඟවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

මෙතෙක් එම මුදල් සඟවා ඇති තැනක් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

ඇය මේ මුදල් තුන්වැනි පාර්ශ්වයක් ළඟ සඟවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

ඇය විසින් සිය බැංකු ගිණුමේ තැන්පත් කර තිබුණු රුපියල් කෝටි 300ක මුදලක් අත්ටහිටුවීමට මාස 6කට පෙර බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවත් එම මුදල් බැර කළ ආකාරයක් ගැන කිසිදු තොරතුරක් සොයා ගන්නට නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇගේ මේ වංචාවට සහාය දුන්නේ යැයි කියනු ලබන සමාගම් අධ්‍යක්ෂවරියක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් පවත්වයි.

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved