Connect with us

පුවත්

මුලතිව් නීතිඥවරුන් විරෝධය පළ කරමින් සේවයන් ඉවත්වේ

Published

on

මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද (02) සිට සිය සේවා කටයුතු වලින් ඉවත්වී තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත්, බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදු වූ සරවණරාජා මහතාට යුක්තිය ඉටුකරන ලෙසත් ඉල්ලා අද (02) කිලිනොච්චිය නගරයේදී ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව විරෝධතාවකද නිරත විය.

රජය විසින් අධිකරණයට ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් එහි ස්වාධීනත්වයට බලපෑම් සිදුකරන බවත් ආණ්ඩු පක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ විවිධ ආකාරයෙන් අධිකරණයට හා විනිසුරුවන්ට සිදුකළ එවැනි බලපෑමක ප්‍රතිඵලයක් ලෙස මුලතිව් මහෙස්ත්‍රාත්වරයාට සේවය අතහැරයාමට සිදුවූ බවත් විරෝධතාකරුවන් පවසයි.

එමෙන්ම රජය විසින් අධිකරණයට බලපෑම් කරන්නන් සහ මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව චෝදනා එල්ලවන පාර්ශව වෙත කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී උතුරු පළාත තුල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්  : 

මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන නීතිඥ සංගමය පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම ‌‌ගැන ලෝකෙම කතා කරන්න ගනියි

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved