Connect with us

පුවත්

තිරිඟු පිටි මිල නියාමනයට මිල සූත්‍රයක් ඉල්ලයි!

Published

on

ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

මිල සූත්‍රයක් තිරිඟු පිටි සඳහාද පවතීනම් එක් එක් පාර්ශ්‍ව වල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට අවස්ථාව නොලැබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

තිරිඟු පිටි මිල නියාමනයට මිල සූත්‍රයක් අවශ්‍යයි
මේ වන විට ලංකාව පුරා වෙළඳසැල් වල විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි අළෙවි කිරීම සිදුවන බව කමිටු සාමාජික මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මුදල් ආමාත්‍යාංශය ලබා දුන් මිළ ගණන් අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 198ක මුදලකට අළෙවි කළ හැකි බවද කමිටුව නිලධාරීන්ට පෙන්වා දෙන ලදී. තිරිඟු පිටි මිල සැකසීමේදී මිල ගණනය කිරීම් දෙකක් ක්‍රියාත්මක වන බවත් මෙම තත්ත්වය වෙනස් කලයුතු බව සභාපතිවරයා අවධාරණය කළේය.

තිරිඟු පිටි සඳහා පැනවූ බදු ගාස්තු වැඩිවීම හේතුවෙන් මිල ඉහළ යාම සිදු වුවත්, එම වැඩි වූ බදු මුදල ඒ වනවිටත් මෙරට ගබඩා වල පැවති තිරිඟු පිටි සඳහාද එකතුකර මිල ඉහළ දමා ඇති බව සභාපතිවරයා නිලධාරීන් හමුවේ පැවසුවේය.  

පසුගිය සමයේ ගෑස් හා කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සැකසීම වෙනුවෙන් දැරූ වෙහෙස සිහිපත් කල සභාපතිවරයා තිරිඟු පිට මිල නියාමනයටද මිල සූත්‍රයක දැඩි අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. වඩාත් විනිවිද භාවයකින් කටයුතු කිරීමට නම් මිල සූත්‍රයක් වහාම සකස් කළයුතු බවට කමිටුව අවධාරණය කරන ලදී.

සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය 
මේ අතර සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවුණි. ඒ රේගු ආඥාපනත යටතේ, 2023 ජූනි 30 වන දින අංක 2338/54 අති විශේෂ ගැසට් පත්‍රය සාකච්ජාවට ගත් අවස්ථාවේදීය.

ඒ යටතේ 15%ව පැවති බදු ගාස්තු 5% දක්වා අඩු කිරීමට යෝජනා කර තිබුණි. ඒ සඳහා අනුමැතිය ලබා දෙමින් කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ මෙම වෙළඳ ගිවිසුම මගින් මෙරටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්නයි. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දුන් නිලධාරීයා ඒ පිළිබඳව සක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට නොහැකි වු බව පැවසුවේය. ඒ පිළිබඳව සභාපතිවරයා සිය අප්‍රසාදය පළකරමින් ,සිංගප්පුරු වෙළඳ ගිවිසුම හා  කටයුතු සිදුකරන  ප්‍රධාන නිලධාරියාට මෙම ගිවිසුම පිළිබඳව තාර්කාණු කූලව කරුණු ඉදිරිපත් කරමින්  සති 6ක් තුල  වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙස නියෝග කළේය.

අදායම් සංරක්ෂණ පනත යටතේ, 2023 ජුනි 16 දින අංක 2336/72 අති විශේෂ ගැසට් පත්‍රය දෙවන වරටද සළකා බැලීම සිදුවුණි. කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රය යටතේ සිදුකල යෝජනාවට අනුමැතිය ලබා නොදීමට කමිටුව තීරණය කරන ලදී. මෙහිදී සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කිරීමට අදාල HS කේත (HS code) වෙනස් කිරීමට අදාල යෝජනාව නිලධාරීහු ඉදිරිපත් කළහ. කමිටුව ප්‍රශ්න කළේ මේ ඔස්සේ අදාළ අමුද්‍රව්‍ය ආනයන දී බදු ගාස්තු ඉහළයාම සිදුවනවාද යන්නයි. ඒ අනුව රජයේම එක් පිරිසක් බදු අඩු කරන ලෙසත් තවත් පිරිසක් බදු වැඩි කිරීමටත් කම්ටුවේ අනුමැතිය ඉල්ලීම ප්‍රශ්නකාරී බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2021 වසරේදී සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේදී බදු ගාස්තු අඩු කලත් එම කාලසීමාවේ කිසිදු නව ආයෝජනයක් සිදුව නොමැතිබව කමිටුව හමුවේ අනාවරණය විය. ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ මුලිකත්වයෙන් සාකච්ජා පවත්වා බදු සංශෝදන පිළිබඳව එක් ප්‍රතිපත්තියක් සකස් කර කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ බදු සංශෝදනයට අදාළව කමිටුවේ අනුමතියට ඉදිරිපත් කල තවත් ගැසට් පත්‍ර 2කට අනුමැතිය හිමිවුණි.

සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට අදාළව වාර්තාවක්
මේ අතර සූදු නියාමන අධිකාරියයක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය සම්බධයෙන්ද කමිටුව්දී සාකච්ජා විය. නිලධාරීන් ප්‍රකාශ කළේ මේ පිළිබඳව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේද ද, ලංකාවේද පවතින ආයතන කිහිපයක් සමග සාකච්ජා කර කෙටුම්පතක් සකස් කර ඇති බවයි. කෙසේ වෙතත් අවසන් පනතක් සකස් කිරීමට පෙර එම කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව සූදු නියාමන අධිකාරියයක් පිහිටුවීමට අදාළව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේදය හා ලංකාවේ නිර්මාණය කිරීමට අපේක්ෂිත ආකෘතිය ගැන සංසන්දනාත්මක වාර්තාවක් සති දෙකක් තුල ලබා දෙන ලෙස කමිටුවට උපදෙස් ලබා දෙන ලදී.

මේ අතර පසුගිය කාල සිමාවේ මෙරට සිදුවූ ආයෝජන ප්‍රමාණයන් හා එහි ප්‍රතිලාභ ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කමිටුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට කමිටුවෙන් නියෝග කරන ලදී

එමෙන්ම කමිටුවේ වෙනත් කරුණු සාකච්ජා කිරීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා විදෙස් රටකින් පුවක් ආනයනය කර ඒවාට අගය එකතුකර ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමට ගත් තීරණයක් සම්බන්දයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රශ්න කළේය. මෙම කාරණය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වීමේ අවධානමක් ගැනද කරුණු ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේය. ඒ අනුව ඒ තීරණය නැවත සළකා බැලීමට අදාළ අනෙකුත් පාර්ශ්ව දැනුවත් කරන ලෙස මන්ත්‍රී වරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය.

මෙම අවස්ථාව සඳහා කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ මදුර විතානගේ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved