Connect with us

පුවත්

හරක් කටා CID භාරයේ සැපේ ඉඳලා

Published

on

රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත්  හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ලබාගෙන තිබූ දුරකතන ඇමතුම් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  

හරක් කටා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිළි විමර්ශන ඒකකයේ ස්ථාවර දුරකතනවලින් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලින් ද පිටස්තර පුද්ගලයන් හා ඥාති හිතවතුන්ට දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයට අමතරව, විමර්ශන සිදුකරන ඇතැම් උසස් නිලධාරීන්ගේ පුද්ගලික දුරකතන වලින් හරක් කටා වීඩියෝ ඇමැතුම් පවා ලබාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සදහා දුරකතන වාර්තා විශ්ලේෂණ සිදුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වෙනුවෙන් හරක් කටා ඉහත නිලධාරීන්ට විශාල වශයෙන් මුදල් ලබා දී ඇති බවත්, ඇතැම් නිලධාරීන්ට නිවාස ඉදිකිරීමට, නිවාස මිළදී ගැනීමට, ඉඩකඩම් මිළදී ගැනීමට, ඇතුලු මෙකී නොකී කටයුතු වෙනුවෙන් විශාල මුදලක් ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ද ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි..

එමෙන්ම හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට සහය දැක්වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කුඩු සළිදු නැමැත්තාගෙන් කොස්තාපල්වරයකු මීට පෙර රුපියල් කෝටි 13 ක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

කුඩු සළිදු මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත කළ පැමිණිල්ලක් අනුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් මෙම විමර්ශනය සිදුකරන බවද එම ආරංචි මාර්ග පවසයි.

මූලාශ්‍රය – ලංකාදීප

සබැඳි පුවත් :

හරක් කටා පන්නන්න භාවිත කළ දුරකථන 2ක් සොයාගනියි 

හරක් කටා ඉන්දියාවට පන්නන්න හැදූ අයෙක් මාට්ටු වෙලා

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved