Connect with us

පුවත්

කොල්ලුපිටියේදී බසයකට ගසක් වැටී 05ක් මරුට, 17ක් රෝහලේ

Published

on

කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකට අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 05 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – දෙනියාය බස් රථයකි.

අනතුරෙන් බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට කටයුතු කරන අතර අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පවසයි.

තවද කොළඹ මහනුවර  මහා මාර්ගයේ බටලීය කජුපුරයේ දී අද (6) අලුයම 5ට පමණ පෞද්ගලික මගී බස් රථයක්,බවුසරයක් හා කන්ටේනරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 20ක පමණ පිරිසක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව පොලිසිය පවසයි.

අම්පාර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයකි.

බස් රථයට ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක් බසයේ බදේ ගැටෙන අතර එම අවස්ථාවේ පිටුපසින් පැමිණි බවුසරයක් ද බස් රථයේ පිටුපස වැදී ඇත.

පුවත්

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි!

Published

on

By

නව විගණකාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතය.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා නව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නැයි එහි අංශ ප්‍රධානීන්ගේ සංසදය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

විගණකාධිපති තනතුර සඳහා මේ වන විට විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් වී ඇති බව දැන ගැනීමට ලැබී ඇති නමුත් වංචාව හා දූෂණයෙන් තොර පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා වූ රජයේ අපේක්ෂාව ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය විගණන ක්‍රියාවලියට පැවරී ඇති වගකීම ඉටු කිරීමට සුදුසුකම් සහිත නිලධාරියා වත්මන් වැඩ බලන විගණකාධිපතිවරයා යැයි තරයේ විශ්වාස කරන බවත් එම ඉල්ලීම්වල සඳහන් කර ඇත.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූ බව සිහිපත් කරන එම වෘත්තීය සමිති ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයා ව්‍යවස්ථානුකූල සියලු සුදුසුකම් මෙන්ම එම තනතුර දැරීම සඳහා අවශ්‍ය සියලු අත්දැකීම් හා පළපුරුද්ද හා පරිචයන් සම්පූර්ණ කර සිටින බවත් සඳහන් කරයි.

මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවය.

අංශ ප්‍රධානීන්ගේ සංසදයට අංශ ප්‍රධානීහු හැට පස් දෙනෙක් අයත් වන අතර ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය යන වෘත්තීය සංගම් අයත් වෙයි.

Continue Reading

පුවත්

අංගම්පිටිය ක්‍රීඩා පිටියේ සැණකෙළි නවත්වා කෝට්ටේ නගර සභාවට වාරණයක්

Published

on

By

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කෝට්ටේ අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ උත්සව හා සැණකෙළි පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුළු පස් දෙනකුට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක ඊයේ (21) නිකුත් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, එහි නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර, මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරු, අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණය භාරව සිටින සිව් පිරිසකට අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව මගින් පාලනය වන අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ විවිධ උත්සවයන් සහ සැණකෙළි පැවැත්වීම තුළින් මහජන පීඩාවක් සිදුවන බව චෝදනා කරමින්, කෝට්ටේ අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ෂෙහාන් දුෂාන්ත ද සිල්වා, ශාමිනි අල්විස්, ග්ලේන් මැතිව්, අසංක සංජීව කරුණාරත්න, කේ. ඒ. ඕ. එස්. කුරුප්පු යන අය විසින් ගොනු කර තිබූ පෞද්ගලික නඩුවක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

Continue Reading

පුවත්

දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට සෞඛ්‍ය පණිවුඩයක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස අදාළ කාර්යංශය එම වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

1. විජලනය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කරන්න.

2. ගෙදරින් ගෙන ආ පිසූ ආහාර ඉක්මනින් ආහාරයට ගන්න. නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න. 

3.ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් ( මීමැස්මොරය, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයක් සඳහා) එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. 

4.තවත් දින කිහිපයක් සදහා සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න.

5.ඔබ දිගු කාළීන රෝගයකින් පෙළෙන අයකු නම් රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ඔබ ළඟ තබා ගන්න.

6. ඔබේ දරුවාගේ සාක්කුවේ හෝ ඇඳුමේ ඔබගේ දුරකථන අංකය ලියා රඳවන්න.

7. කිසිඳු විටෙක පෝළිමේ සිටින විට කළබල නොවන්න. එක් අයකු කළබල වුවහොත් බොහෝ දෙනෙකු කළබල වී තෙරපීම් සිදු විය හැකියි. අනතුරු වළක්වා ගනිමු.

8. අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න, කැළි කසළ අවම කර ගැනීමට සහය වන්න. හැකි සෑම විටම කසළ නියමිත බඳුන් වලට දමන්න. ඔබේ වගකීම ඉටු කරන්න.

9. ඔබට සෞඛ්‍ය ගැටළුවක් ඇති වුවහොත් පෝළිමේ ගමන් මග රැඳී සිටින නිලධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගන්න.

10. දුම්රිය පාපුවරුවේ. ජනේල වල හෝ බඳේ එල්ලි යාමෙන් වැලකී දුම්රිය මගේදී මෙන්ම බිං ගෙවල් තුළින් යෑමේදී සිදුවන අනතුරු වළක්වා ගනිමු.

11. ඔබගේ වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව අවධානයෙන් පදවන්න. මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් රිය පදවන්න.

12. ඔබේ පෞද්ගලික ස්වස්තතාව රැක ගැනීමට කුඩා සබන් කැබැල්ලක් හෝ සැනිටයිසර් දියර (hand sanitizer) රැගෙන යන්න.

13. මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකෂර්ක ( පැඟිරි තෙල් වැනි) භාවිතා කරන්න.   

“සිරි දළදා වන්දනාවේ” 05 වන දිනය අදයි.

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved