Connect with us

පුවත්

පුද්ගල දත්ත ආරක්ෂාවට අධිකාරියක්

Published

on

පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ පනත 2022 වසරේ මුල භාගයේදී සම්මත වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් එය ක්‍රියාත්මක නොවීම නිසා මෙලෙස සභාපතිවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මෙම පනත මඟින් පුද්ගල දත්ත සුරක්ෂිත කරන අතර පුද්ගල දත්ත වැරදි ලෙස පරිහරණය කරන අයට දඬුවම් පැමිණවීමේ බලය ද මෙම පනත යටතේ පිහිටුවන පුද්ගල දත්ත ආරක්ෂණ අධිකාරියට හිමි වේ.

එම අධිකාරිය පිහිටුවීම ඊට අයත් කාර්ය මණ්ඩලය තීන්දු කිරීම හා කාර්යාලය පවත්වාගෙන යාම යන කරුණු මෙම කමිටුව මඟින් සකස් කරනු ලැබේ.

ඒ අනුව පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ සභාපති ලෙස අර්ජුන හේරත් ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනනාත් ප්‍රනාන්දු, සුලක්ෂණ ජයවර්ධන, සෞම්‍ය අමරසේකර, ෂෙහාන් විජේතිලක, බිසර සෙනවිරත්න සහ නිෂිත් අබේසූරිය පත් කර තිබේ.

මෙම අධිකාරියට අවශ්‍ය සහාය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ මැදිහත්වීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය හා ලෝක බැංකුව එකතු වී ලබා දෙනු ලබයි.

මෙතෙක් දත්ත ආරක්ෂණ අධිකාරියක් නොමැතිවීම නිසා විදෙස් තොරතුරු තාක්ෂණ සමාගම් මෙරට ආයෝජනය කිරීමට අකමැත්ත පළ කර තිබූ අතර මෙම අධිකාරිය පිහිටුවීමෙන් පසුව එම බාධාව තුරන් වනු ඇතැයි රජය අවධාරණය කරයි. එමෙන්ම ආයතන මගින් පෞද්ගලික දත්ත සකස් කිරීම හා භාවිත කිරීම සම්බන්ධයෙන් මෙම අධිකාරිය විසින් නිර්නායක ඉදිරිපත් කරනු ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved