Connect with us

පුවත්

නාගරික ජනගහණය 44% ත් පන්නලා අලුත්ම සමීක්ෂණයකින් හෙළිවෙයි

Published

on

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිළධාරී වසම් 12,773 අතරින් ග්‍රාම නිළධාරී වසම් 3,025 ක් නාගරික ප්‍රදේශ වශයෙන් හදුනාගෙන තිබේ. 

එය ප්‍රතිශතයක් ලෙස 23.68% කි.

කොළඹ මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය ලෙස නම්කර ඇත. 

එහි ප්‍රතිශතය 96.74% කි. 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76% ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28% ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි.

අඩුම නාගරික ජනගහන ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කය‌ේ වන අතර එය 2.84% කි. 

මෙරට නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2012 වසරේදීය. 

එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2 % කි.

නිර්ණායක කිහිපයක් මත පදනම්ව යම් ප්‍රදේශයක නාගරීකරණය මැන බැලීම සිදු කරනු ලබයි. 

ජනගහණය, ජනගහණ ඝණත්වය, කිලෝමීටර 10 ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළඳසැල් හා සුපිරි ඇඳුම් වෙළඳසැල්, ඉන්ධන හල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල් ප්‍රමාණය, ග්‍රාම නිළධාරීවසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබා දී ඇති නිවාස ප්‍රතිශතය, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක ඒ අතර තිබේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙහි අරමුණ වන්නේ මෙරට ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හදුනා ගැනීම සහ ඒ සදහා සුදුසු නිර්ණායක ක්‍රමවත්ව දැක්වීමය.

මෙම සමීක්ෂණය සදහා උපදෙස් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක්ද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර තිබිණි.

මෙම සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවන් සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බවට හදුනාගත් බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා කියා සිටී.

එමෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ ද සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින බවද ඔහු පවසයි.

මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර මෙය ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද නියමිතය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved