Connect with us

පුවත්

ත්‍රස්ත විරෝධී පනතේ දෝෂ නිවැරදි නෑ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්

Published

on

ශ්‍රී ලංකාවේ යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මඟින් ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කරයි.

නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බව එම විශේෂඥයන් පැවසුවේය.

වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එහි අපැහැදිලි භාවිතයන්, මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන අවම වීම හා ස්වාධීන අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව මීට පෙර මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කර තිබූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

නව පනත් කෙටුම්පත මඟින් මෙම දෝෂ නිවැරදි නොවීම ඉතාමත් කණගාටුදායක කරුණක් බවද එම විශේෂඥයන් පැවසූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එමෙන්ම නව පනත් කෙටුම්පත මඟින් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයට ඉතා සීමිත වෙනස්කම් කිහිපයක් පමණක් එක් කර තිබෙන බව හා මෙම කෙටුම්පත මඟින් පොලිස් බලතල යම් ආකාරයකින් වැඩි කර ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පවසා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නව පනත් කෙටුම්පතක අවශ්‍යතාවය හඳුනාගෙන තිබීම පිළිබඳව සතුටට පත්වන බවත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ධනාත්මක අවස්ථා කිහිපයක් පවතීන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

(ලංකාදීප)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved