Connect with us

පුවත්

ඩයනා – සුජිත්ට හා රෝහණට එරෙහිව පොලිසි යයි

Published

on

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ සුජිත් සන්ජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව පවසමිනි. 

මේ අතර අදාළ සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රථිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව තිබුණි. 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි. 

අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා හා රාජ්‍ය අමාත්‍යවරිය අතර ඇති වූ මත ගැටුමක් පිළිබඳ දර්ශනපෙළක්, මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනු ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබන සඳුදා විමර්ශන ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව පවසයි.

කතානායවරයා විසින් පත් කළ කමිටුවේ සභාපති ලෙස පත් කෙරුණේ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතායි.

මේ පිළිබඳ විමර්ශනය කර ලබන 7 වැනි දා කතානායකවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved