Connect with us

පුවත්

චීන නැව සමඟ පර්යේෂණ කරන්න නාරා ආයතනයට අවසර

Published

on

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ෂියෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාව සමග පර්යේෂණ සිදු කිරීමට අවසර හිමිවූ බව නාරා ආයතනය පවසයි.

නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ එම අවසරය ලැබුණු බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා පර්යේෂණ කණ්ඩායම් පිටත් කර හරින බව ඔහු ප්‍රකාශ කළේ ය.

ආචාර්ය කමල් තෙන්නකෝන් මහතා පැවසුවේ, මෑත කාලීනව ශ්‍රී ලංකාව ඇතුළු කාලපීය කාලගුණයට සාගර පද්ධතියේ සිදුවූ බලපෑම පිළිබඳ මෙම පර්යේෂණයේදී අධ්‍යයනය කරන බවයි.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ෂියෑන් සික්ස් චීන පර්යේණ නෞකාව අද දිනයේත් නැරඹීම සදහා ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව පවතින බව එහි කාර්යය මණ්ඩලය පවසයි.

ෂියැන් සික්ස් චීන පර්යේෂණ නෞකාව වෙත දැඩි අවධානයක් යොමුවූයේ එහි ශ්‍රී ලංකා ගමන පිළිබඳව ඉන්දියාව දැඩි අවධානය යොමු කිරීම නිසයි.

නමුත් චීන පර්යේෂණ නෞකාව කලින් සැළසුම් කළ ආකාරයට පෙරේදා පස්වරුවේ කොළඹ වරායට ළඟා විය.

එය නැංගූරම් ලා තිබෙන්නේ කොළඹ වරායේ එස් ඒ ජේ ටී පර්යන්තයේයි.

මුහුදු පතුළ නිරීක්ෂණය කළ හැකි අධිතාක්ෂණික උපකරණ හා මෙවෙලම් රැසක් නෞකාව සතුව ඇති අතර ලබා ගන්න නියැදි එහි ඇති විද්‍යාගාර තුළ පරීක්ෂා කිරීමේ පහසුකමද පවතී.

ටොන් 260 ක පර්යේෂණ උපකරණ මෙම නෞකාව සතුවන අතර පුද්ගලයින් 60 දෙනෙකුට පහසුකම් සහිතයි.

පසුගිය මාසයේ 11 වෙනිදා චීනයේ ගුවැන්ෂෝ වරායෙන් පිටත්වූ ෂියෑන් සික්ස් ඉන්දීය සාගරයට ඇතුළු වූයේ පසුගිය මාසයේ 19 වැනිදා ය.

(නිවුස් ෆස්ට්)

සබැඳි පුවත් :

චීන නැව කොළඹට එයි; දවස් 25ක් ලංකාවේ


පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved