Connect with us

කලා

‘ෆ්‍රෙන්ඩ්ස්’ සුපිරි තරුව මියයයි

Published

on

90 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ “ෆ්‍රෙන්ඩ්ස්” රූපවාහිනී කතා මාලාවේ උපහාසාත්මක චරිතයක් වන ‘චැන්ඩ්ලර් බිං‘ ට පණ පෙවූ හොලිවුඩ් නළු මැතිව් පෙරී මිය ගොස් ඇත.

මිය යන විට ඔහු 54වැනි වියෙහි පසුවිය.

සෙනසුරාදා ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේ ටබ් එක තුළ ගිලී සිටියදී හමුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් Warner Bros සමූහය පවසා ඇත්තේ පෙරීගේ අභාවයෙන් තමන් “අතිශය කම්පාවට පත්වූ” බවයි.

ඔහුගේ පදිංචි නිවසේ මරණ පරීක්ෂණය සිදුවෙමින් පවතින බව පොලිසිය වාර්තා කර ඇත.

1969දී ඇමරිකාවේ මැසචූසට්ස් හි උපත ලැබූ පෙරී, සිය ළමා කාලය ගත කළේ කැනඩාවේ ඔටාවා නුවරදීය.

මැතිව් පෙරී රඟපෑ “ෆ්‍රෙන්ඩ්ස්” 1994 සිට 2004 දක්වා දිව ගිය අතිශය ජනප්‍රිය කථාමාලාවක් වූ අතර, 2002 දී එය හොඳම විකට කතා මාලාවට හිමි එමී සම්මානය දිනා ගත්තේය.

පෙරී කැපී පෙනෙන චිත්‍රපට චරිත කිහිපයක් ද රගපෑ අතර, රොම්-කොම් “ෆූල්ස් රෂ් ඉන්” හි සල්මා හයේක් සමඟ ද, “ද හොල් නයින් යාර්ඩ්ස්” හි අපරාධ ප්‍රහසනයේ බෲස් විලිස් සමගද රඟපෑවේය.

වසර ගණනාවක් පුරාවට වේදනා නාශක හා මත්පැන් වලට ඇබ්බැහිව සිටි පෙරී, අවස්ථා කිහිපයකදීම පුනරුත්ථාපන සායන වලට එක්විය.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved