Connect with us

පුවත්

චමුදිතගේ යූටියුබ් එකේ බොරු කිව්වයි අනුජට නීතිපති නඩුපවරයි

Published

on

අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් මහජන කැලඹීම් මතු කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ අනුව අනූජ රෂන්ත ජයසිංහ නමැති විත්තිකරුට එරෙහිව මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත.

ඉකුත් ඔක්තෝබර් මස 16 වැනිදා ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයෙන් චෝදනා දෙකක් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

2022 මැයි මස 01 වැනිදා සහ මැයි මස 31 වැනිදා අතර කාලය තුළදී යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ “ටෘත් විත් චමුදිත” නම් වැඩසටහනේදී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ චූඩාමාණික්‍යය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් විත්තිකරු විසින් මහජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට සහ එමඟින් එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුරවැසියන්ගේ හැඟීම් ඇවිස්සීමට තැත් කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 යටතේ විත්තිකරු විසින් වරදක් කර ඇති බවට අදාළ චෝදනා පත්‍රයේ පළමු චෝදනාවෙහි සඳහන් වෙයි.

එසේම අදාළ ප්‍රකාශ මඟින් එම මැණික් සිද්ධියට එවකට රුවන්වැලි මහා සෑයේ අධිපතිව සිටි ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිසුමන රත්නපාල හේමරතන හිමියන් වගකිව යුතු බවට ප්‍රකාශයක් සිදුකර එම හිමියන්ට නින්දා සිදු කිරීමට සහ මහජන සාමය කඩ කිරීමේ අදහසින් එවැනි ප්‍රකාශයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නීති සංග්‍රහයේ 490 සහ 484 යටතේ වරදක් කළ බවට එම චෝදනා පත්‍රයේ සඳහන් වේ.

මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ ලේඛන පහළොවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර පැමිණිල්ලේ සාක්කිකරුවන් දාසය දෙනෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved