Connect with us

පුවත්

ඩීසල් නැග්ගුවට බස් ගාස්තු නගින්න‌ෙත් නෑ; පෙට්‍රල් බැස්සට ත්‍රීවිල් ගාස්තු අඩුත් නෑ

Published

on

ඩීසල් මිල ඉහළ ගියද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි.  

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට තමන් උනන්දු නොවන බවයි.

කෙසේ වෙතත් නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුවහොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුවන බවද  ඔහු අවධාරණය කර තිබේ.

වැඩිදුරටත් ඔහු මෙසේ කියා සිටී.

”ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීම බස් හිමයාට දරාගත නොහැකි තත්ත්වයක්. නමුත් මේ මොහොතේ  බස් ගාස්තු ඉහළ දැමීමට අපි කිසිසේත් උනන්දු වන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මගී ජනතාව සහ බස් රථඛ හිමියන් , සේවකයින් දැන් කළ යුත්තේ රජයට බලපෑම් කළ යුතුයි. නැවත වතාවක් ඩීසල් වැඩි කරන්න එපා..  එහෙම වැඩි කළොත් බස් රථ හිමියාට සිද්ධ වෙනවා ඉතා ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න”  

මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඩීසල් මිල ඉහළ ගියද බස් හිමියන් සහ ගමනාගමන කොමිෂන් සභාව එළඹ ඇති එකගතාවයන්ට අනුව මේ අවස්ථාවේ ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකි බවයි.

මේ අතර 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 09කින් අඩු කළද, ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.  

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved