Connect with us

පුවත්

කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරන හැටි හොයන්න ජනපතිගෙන් කමිටුවක්

Published

on

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  ඔවුන්ට සහාය වීමට කටයුතු කරන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් කරන  ලද ඉල්ලීමකට අනුව ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් බලප්‍රදේශය සහ ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාරගැනීමේ අවස්ථාවට අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

වසර 23 කට පෙර අභාවප්‍රාප්ත වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා සිහිපත් කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ  මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙනු ලැබීය.

වතුකරයේ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන අතරම  වතුකරයේ පාසල්වල සංවර්ධනය සහතික කිරීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

කඳුකරයේ ජීවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට ඉඩම් ලබාදීමට සහ ඒවායේ නිවාස ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට රජයේ සහාය ලබා දෙනුයේ අනෙකුත් ජන කණ්ඩායම්වලට මෙන්ම ඔවුන්ටද තමන්ගේම නිවසක ජීවත්වීමට අවස්ථාව ලැබිය යුතු නිසා බව ජනාධිපතිවරයා පැවසිය.

අධ්‍යාපන කටයුතු අවසන්විමෙන් පසු තරුණ තරුණියන් වතුකරය හැර යාමේ ප්‍රවණතාවයක් මතුව ඇති අතර ඉන් අවධානමට ලක්ව ඇති වතු ආර්ථිකය නැවත  ගොඩගැනීමට  පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ තරුණ තරුණියන්ට මෙන්ම රටේ සියලු තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදීමට රජය කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

වතුකරයේ ජීවත්වන ජනතාවගේ අනාගතය සහ වතු ආර්ථිකය නඟාසිටුවීම පිළිබඳ රජය  තවදුරටත් සොයා බැලිය යුතු වන්නේ වතු ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් ආර්ථික වශයෙන් නඟා සිටුවීමට බව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අනුව කඳුකරයේ ජිවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට රටේ අනෙකුත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට හිමි වරප්‍රසාද ලබාදීමට රජය තවදුරටත් පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස කඳුකරයේ දෙමළ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

අභාවප්‍රාප්ත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා කදුකරයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රීමා-ශාස්ත්‍රී ගිවිසුමෙන් පසු නැවතී සිටි ඉන්දීය සම්භවයක් ඇති සියලුම ජනතාවට අවිහිංසාව තුළින් පුරවැසිභාවය ලබා දුන් නිසා එතුමා 20 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නායකයකු බවට පත්ව ඇති බව  ප්‍රකාශ කළේය. ශ්‍රීමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ රටින් යා යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට තීරණය කළ පුද්ගලයන්ටත්  පුරවැසිභාවය ලැබුණු බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved