Connect with us

පුවත්

වී අතුරුදහන්වීම 5කගේ වැඩ තහනම් කරයි

Published

on

රජයට අයත් වී ගබඩා 04 කින් වී කිලෝග්‍රෑම් 971,050ක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනය වාර්තාවට අනුව නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

2021-2022 වර්ෂවල දී මෙම සොරකම  සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබිණි.

එම විමර්ශනයේ වාර්තාව අද (07) භාරදුන් අතර එමඟින් හෙළි වූ කරුණු අනුව අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත.

පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව  වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 04ක වී ‌තොග අතුරුදන් වී ඇති අතර එම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කි.

මෙම වී තොග අස්ථානගත වීම සම්බන්ධ වැඩිදුර විමර්ශන 03ක් මේ වන විට සිදුකරන අතර අභ්‍යන්තර විගණන විමර්ශනයක්, මුලික විමර්ශනයක් හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තවද වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ට අමතරව තවත් පුද්ගලයින් මෙම සොරකමට සම්බන්ධ වී ඇත්දැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම දිවයිනේ වී අලෙවි මණ්ඩලය සතු අනෙකුත් ගබඩා වල ඇති වී තොග මේ අයුරින්ම වංචානික ලෙස අවභාවිත කර ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන ලෙස එහි සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved