Connect with us

පුවත්

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණ තීන්දුව ලබන සතියේ

Published

on

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයේ තීන්දුව මේ මස 14 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක ම‍හෙස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා දැනුම් දී තිබේ.

කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ලබාදෙන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව “අද දෙරණ” වාර්තා කරයි.

මේ වන විට ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි ලබාදීම අවසන් කර ඇති අතර එම මරණ පරීක්ෂණයට අදාළව මියගිය කොතලාවල මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජේරත්න, බම්බලපිටිය පොලීසියේ සැරයන්වරයෙකු මෙන්ම කොතලාවල මහතා යටතේ සේවය කළ සේවකයින් කිහිපදෙනෙකු ඇතුළු 08 ‌දෙනෙකු සාක්ෂි ලබා දී ඇති බව සඳහන්ය.

කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඒ මහතාගේ බිරිඳගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජයරත්න මහත්මිය බම්බලපිටිය පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

කොතලාවල මහතා අංක 28, එලිබෑන්ක් පාර, කොළඹ 5 යන ලිපිනයේ පදිංචිව සිටි නමුත් ඒ මහතා යටතේ සේවය කළ කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔහුව අංක 13, ඩික්මන් පටුමග, කොළඹ 4 යන ලිපිනයෙහි පිහිටි නිවසක් වෙත ගෙනගොස් රඳවා තබා ගෙන ඇති බව සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ මහතා යටතේ සේවය කළ කණ්ඩායම් දෙකක් ඔහුගේ දේපළ අත්පත් කරගෙන ඇති බවද එසේ දේපළ අත්පත් කර ගැනීම සඳහා කොතලාවල මහතාව අංක 13, ඩික්මන් පාර, නිවසේ තබාගෙන සිට ඇති බවද එම මරණ පරීක්ෂණයේදී සාක්ෂිවලින් වැඩිදුරටත් හෙළි වී ඇති බව සඳහන්ය.

(මූලාශ්‍රය : අද දෙරණ)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved