Connect with us

පුවත්

නොහොබිනා ප්‍රකාශයකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Published

on

රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (08) පෙරවරුවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය.

ඒ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියට එම ප්‍රකාශය තුලින් අපහාසයක් වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙනි.

මේ තත්ත්වය ඇති වූයේ රොහිණී කුමාරී විජේරත්න මහත්මිය විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පිළිතුරු දෙමින් සිටි අවස්ථාවේදීය.

විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න රැසකට විසඳුම්දී ඇති අවස්ථාවක රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඒ ගැන සතුටු නොවීම ගැටළුවක් බවත් ‘ඇය සතුටු කරන ආකාරය කෙසේ දැයි තමා නොදන්නා’ බවත් ඔහු එහිදී කියා සිටියේය.

මෙය ලොකු අපහාසාත්මක ප්‍රකාශයක් බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ සහ චමින්ද විජේසිරි මහත්වරු කෑකෝ ගසමින් මූලාසනයට පෙන්වා දුන්හ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුහු එහිදී හඬ නගමින් ඉල්ලා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“රෝහිණි කුමාරි මන්ත්‍රීතුමියට වරදක් වෙලා තියෙනවා නම් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කියනවා.අනවශ්‍ය වචන තියනවනම් ඉවත් කරන්න මම නියෝග දීලා තියෙනවා. වරදක් වෙලා තියෙනවා නම් ක්‍රියාමාර්ග ගන්නවා.කතානායකතුමා ආවම හඬ පටය බලලා තීරණයක් දෙන්නම්. රටේ හැමදෙනාම පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා ඒ නිසා මේක අවලස්සන කරන්න එපා.”

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved