Connect with us

පුවත්

උතුරේ ආයෝජනය කරන්න චීන ව්‍යවසායකයන් උනන්දුයි – තානාපති

Published

on

උතුරු පළාතේ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායන් උනන්දුවක් දක්වන බව මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ප්‍රකාශ කරයි.

තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 05 – 07 දින වලදී උතුරු පළාතේ ක්‍රියාත්මක වූ ෆාෂියාන් පුණ්‍යාධාර ව්‍යාපෘතියේ නවතම අදියරට එක්වෙමිනි.

චීනය විසින් ලංකාවට මුහුදු ආහාර අපනයනය කරන බවට පසුගියදා පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන්ද  තානාපතිවරයා මෙහිදී අදහස් දැක්වූයේය.

පසුගිය මාසයේදී චීනයේ සාර්ථක සංචාරයක නිරත වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර චීනයට අපනයනය කිරීම සදහා පහසුකම් සැලසීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා එකඟත්වයට පැමිණි බවද තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“විශාල වෙළෙඳපොළක් සහිත චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ඇති රටයි. ඔබලාට මුහුදු ආහාර අපනයනය කිරීම වෙනුවට අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවෙන් මුහුදු ආහාර වැඩියෙන් චීනයට ආනයනය කිරීමටයි. උතුරු පළාතේ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායකයන් උනන්දුවක් දක්වන අතර, ඔවුන්ව පිළිගෙන ඔවුන්ට සහයෝගය ලබාදෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා,” යැයි චීන තානාපතිවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.

චීන – ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා අවධාරණය කරමින් චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, චීන රජය විසින් උතුරු පළාතට ආහාර සලාක, ධීවර දැල් මිලදී ගැනීමට සහ නිවාස ඒකක ඉදිකිරීමට රු. මිලියන 150ක ආධාර ලබාදීමට පොරොන්දු වී ඇති බවයි.

චීන බෞද්ධ සංගමය විසින් ක්‍රියාත්මක කරන මෙම ෆාෂියාන් පුණ්‍යාධාර ව්‍යාපාරයේ නවතම අදියර යටතේ රු. මිලියන 37.5ක් වටිනා වියළි සලාක සහිත පෙට්ටි 5,000ක් යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම යන ප්‍රදේශවල ආර්ථික අපහසුතාවෙන් පෙළන පවුල් අතර බෙදා දෙනු ලැබීය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මෙන්ම, බෞද්ධ විහාරස්ථානවල, කෝවිල් හා පල්ලි වල මෙලෙස පරිත්‍යාග උත්සව 10ක් පැවැත්විණි.

මෙය, චීන තානාපතිවරයා විසින් උතුරු පළාතේ සිදුකළ දෙවැනි සංචාරයයි.

(ඡායා : චීන තානාපති කාර්යාලයේ X පිටුවෙනි)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved