Connect with us

පුවත්

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයට දින නියම ‌කරයි

Published

on

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.

මෙම පෙත්සම් අද(13) සෝභිත රාජකරුණා, අසා‍ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ පෙත්සම්කාර මෙන්ම වගඋත්තරකාර සරත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට දින නියම කළහ.

මෙම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා වෙත යළිත් සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

ඉකුත් වසරේ අගෝස්තු මස 25 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලයකට සමයේ අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහෙස්ත්‍රාත්වරු අනුගමනය කළ ක්‍රියාපටිපාටිය විවේචනය කිරීම තුළින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් 3 ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනා විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

(අද දෙරණ)

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved