Connect with us

පුවත්

කාර්ගිල්ස් ඇපල් යුෂ තත්ත්වයෙන් බාලයි, නඩුවක් පවරයි

Published

on

අංක 40, යෝර්ක් වීදිය කොළඹ 01 යන ලිපිනයේ පිහිටි කාර්ගිල්ස් ඇග්‍රි ‌ෆුඩ් සමාගම (CARGILLS AGRIFOODS LTD) විසින් නිෂ්පාදනය කර බොදාහරිනු ලබන ඇපල් යුෂ බෝතලයක් තත්ත්වයෙන් බාල බව පවසමින් ගොතටුව MOH කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ.එස්. කසුන් මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබේ.

මේ නුඩව පවරමින් කාර්ගිල්ස් ඇග්‍රි ‌ෆුඩ් පුද්ගලික සමාගමට ‌පර්යේෂණ ද්‍රව්‍යක් ලෙස සෝබික් අම්ලය අනුමිත උපරිම ප්‍රමාණයට වඩා එකතු කරන ලද තත්ත්වයෙන් බාල කරන ලද සාන්ද්‍ර ඇපල් යුෂ මිලි ලීටර් 330ක් අඩංගු බෝතලයක් බෙදා හැරීම හා නිෂ්පාදනය කිරීම යන චෝදනා දෙක එල්ලකර තිබේ.

සබැඳි පුවත්:

පේජ්ලාගේ කාර්ගිල්ස් ගෝලයෝ පහරදී කතක් නිරුවත් කරයි (වීඩියෝ)

කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

රිමාන්ඩ් කළ කාර්ගිල්ස් 7 අද යළි අධිකරණයට; CCTV මුදාහැර ඇත්තේ සේවකයෙක්

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved