Connect with us

ක්‍රීඩා

චමරි ගේ වැඩ දැක සිඩ්නි ක්‍රීඩාංගණයේ වෙන් කළ ‘චමරි බේ’

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එළඹෙන 26දා එම ක්‍රීඩාංගනයේ දී ‘සිඩ්නි සික්සර්ස්’ ට එරෙහිව පැවැත්වෙන තරඟයේදී එම ආසන සහිත කොටස ‘චමරි බේ’ (Chamari Bay) ලෙස නම් කර ඇත.

ඇය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන WBBL (Women’s Big Bash League) තරඟාවලියේදී දැක්වූ ඉහළ දක්ෂතා පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

ක්‍රීඩා

ICC T20 පුහුණු තරග කාලසටහන නිකුත් වෙයි

Published

on

By

ජුනි මස ආරම්භ කිරීමට නියමිත තිබෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඔවුන් නෙදර්ලන්තය සහ අයර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.

පුහුණු තරග මැයි 27 සිට ජුනි 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සිය පළමු පුහුණු තරගය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ මැයි 28 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතය.

එම තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවැනි පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය මැයි මස 30 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ජුනි මස 02 දා ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජුනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් නිව්යෝක් හී පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත්කරයි

Published

on

By

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවය.

පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී අතර වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading

ක්‍රීඩා

වනිඳුට සම පළමු තැන

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සම පළමු තැන හිමිකරගැනීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබේ.

ඒ අනුව එහි සම පළමු ස්ථානය හිමිව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන්.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved