Connect with us

පුවත්

පාසල් පෝෂණ වැඩසටහනට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 32.5ක්

Published

on

එ.ජ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවට ලබාදීම පිණිස අළුතින් ඇ. ඩොලර් මිලියන 32.5ක මුදලක් සාගින්න අඩු කිරීම සඳහා සහ සාක්ෂරතාවය හා ප්‍රාථමික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා වන ආහාර ආධාර මුලපිරීමක් වන, මැක්ගවර්න්-ඩෝල් ‘අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා ආහාර’ ජාත්‍යන්තර වැඩසටහන වෙත ලබාදෙන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

පාසැලේදී ආහාර වේල්, ගුරුවරුන්ට පුහුණුව සහ සම්බන්ධිත සහය ලබාදීම හරහා මෙම මැක්ගවර්න්-ඩෝල් ව්‍යාපෘති පාසැල්වලට ළමයින් ඇතුළත්වීම සහ අධ්‍යාපනික කාර්ය සාධනය වැඩිකරන්නට සහය දෙයි. 

ශ්‍රී ලංකා රජයේ අදාළ පාර්ශව සමග සහයෝගීතාවයෙන් සේව් ද චිල්රන් සංවිධානය ක්‍රියාත්මක කළ, දැනටමත් පවතින වැඩසටහනක් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා නුවරඑළිය, බදුල්ල, මොනරාගල, රත්නපුර, කිලිනොච්චිය, මුලතිවු, ත්‍රිකුණාමලය, සහ කොළඹ දිස්ත්‍රික්කවල ඉදිරි පස් වසරක් මුළුල්ලේ පාසල් ළමුන් 200,000කට වඩා ප්‍රතිලාභ ලබනු ඇත.
එ.ජ. අරමුදල් ලබා පාසල් පෝෂණ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වන ස්ථාන ගණනාවකට ම චාරිකා කර ඇති එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය මෙසේ පැවසුවාය, “පාසල් පෝෂණ වැඩසටහන ශ්‍රී ලංකාවේ ළමයින් මත ඇති කරන පරිවර්තනීය බලපෑම මා දැක තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන සඳහා සහය ලබාදීමට එක්සත් ජනපදය දිගින් දිගටම සහය දෙමින් සිටිනවා, මැක්ගවර්න්-ඩෝල් අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා ආහාර ජාත්‍යන්තර වැඩසටහන හරහා USDA ලබදෙන ඇ. ඩොලර් මිලියන 32.5ක දායකත්වය ඊට උදාහරණ සපයනවා. දිවයින මුළුල්ලේ ළමයින් සඳහා පෝෂණය සහ අධ්‍යාපනය වැඩිදියුණු කරන මේ වැඩසටහන් ඉතා වැදගත් වන අතර, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අපේ ඇති දිගුකල් පවත්නාකැපවීම ඉන් පිළිබිඹු වනවා.”

මෙම නව අරමුදල්, USDA සහාය දක්වන Promoting Autonomy for Literacy and Attentiveness through Market Alliances (PALAM/A) (වෙළඳපල සන්ධාන හරහා සාක්ෂරතාවය සහ අවධානය සඳහා ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම) නම් ඩොලර් මිලියන 27.5 ක ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යෑමක් වේ. සේව් ද චිල්රන් සංවිධානය අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් ඒ හරහා දිස්ත්‍රික්ක හතක (නුවරඑළිය, බදුල්ල, මොණරාගල, රත්නපුර, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය) පාසල් 852 ක ළමුන් 95,000 කට අධික පිරිසකට රජයේ පාසල් ආහාර වැඩසටහනේ කොටසක් ලෙස පෝෂ්‍යදායී ආහාර ලබා දෙයි. තවද මෙම ව්‍යාපෘතිය මගින් ළමුන්ගේ සාක්ෂරතා කුසලතා වර්ධනය කිරීම, ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණුව සහ සුරක්ෂිතපානීය ජලය, මුළුතැන්ගෙයි පහසුකම් වැඩිදියුණු කිරීම සහපාසල්වල සනීපාරක්ෂක හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණුකිරීම සඳහා සහාය වේ.

මැක්ගවර්න්-ඩෝල් ‘අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා ආහාර’ජාත්‍යන්තර වැඩසටහන ලොව පුරා අඩු ආදායම්ලාභී, ආහාර හිඟ රටවල අධ්‍යාපනය, ළමා සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා උපකාර කරයි. පාසල් පෝෂණය සහ මාතෘ සහ ළමාපෝෂණ ව්‍යාපෘති සඳහා ආධාර කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකාර්මික භාණ්ඩ පරිත්‍යාග කිරීම මෙන්ම මූල්‍ය සහ තාක්ෂණික ආධාර මෙම වැඩසටහන හරහා සපයයි.

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved