Connect with us

පුවත්

ක්‍රීඩා ඇමතිගේ වාහන අංගනයේ තිබූ ලෑන්ඩ් කෲසර් එකක් පොලිස් බාරයට

Published

on

ක්‍රීඩා අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ලෑන්ඩ් කෲසර් (land cruiser vx) ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ  නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

එම වාහනය තීරු බදු නොගෙවා තිබෙන බවත් කූට ලේඛණ සකසා ඇති බවට ලද තොරතුරක් මත ඔවුන් භාරයට ගෙන දඹුල්ල පොලිසියට භාරදුන් බව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් දඹුල්ල පොලිීසිය දැනුවත් කොට තිබීම විශේෂත්වයකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතා මාධ්‍යට පවසා ඇත්තේ තමා නිවාඩුගෙන සිටින බවයි.

මේ අතර, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මාධ්‍යට කියා ඇත්තේ ඒ පිළිබඳව දඹුල්ල මුලස්ථාන පොලිස්පරික්ෂකවරයා ගෙන් විමසිය යුතු බවයි.

දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක එස්.පි.ආර්. ඇල්ලේපොල මහතා පවසා ඇත්තේ එදින නිවාඩු සිටි නිසා නිසි තොරතුරක් නොදන්නා බවය.

මේ අතර, එම රථය 23 වැනිදා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දඹුල්ල පොලිසියේ වැඩ බැලු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ ලෑන්ඩ් කෲසර් (land cruiser vx) ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ  නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට දඹුල්ල පොලිසියට භාරදී ඇති බව මාධ්‍යට අනාවරණය කර තිබේ.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කරන බව ඒ මහතා පවසා ඇත.

කෙසේවෙතත් වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා වාහනයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එහි තොරතුරු ලබා දීමට තමාට හැකියාවක් නොමැති බවත් මාධ්‍යට පවසා තිබේ.

ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති වාහන අංගනයේ මෙම ජීප් රථය තිබෙන බවට තොරතුරු ලැබී වලාන දූෂණ මර්දන  ඒකකයේ නිලධාරීන් පැමිණෙන විට එම වාහනය රොෂාන් රණසිංහ මහතාගේ වාහන අංගනයේ ඉදිරිපිට පිහිටි වෙනත් ගරාජයක අලුත් වැඩියාවක් කරමින් තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ පිළිබඳව රොෂාන් රණසිංහ අමාත්‍ය වරයවරයාගේ පෞද්ගලික වාහන අංගනයේ  අධ්‍යක්ෂවරයකු වන ඉන්දික රත්නායක මහතාට අයිති බවත් ඔහුගෙන් විමසීමේ දී කියා සිටියේ මෙම වාහනය නීත්‍යානුකූල ලියකියවිලි සියල්ල තමන් සතුව පවතින බවය.

කිසිදු ආකාරයකින් දූෂණයක් අක්‍රමිකතාව සිදු කර නොමැති බවද මෙහි නියම අයිතිකරුට පවා නොදන්නවා පොලිසියෙන් පැමිණ මෙම වාහනය රැගෙන ගොස් ඇතැයි චෝදනා කළේය.

 කෙසේ වෙතත් මේ වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ත්‍රිරෝද රථයකින් දඹුල්ල, කුරුණෑගල, වාද්දුව, පොළොන්නරුව, ආදී ප්‍රදේශ වල පිහිටි පෞද්ගලික වාහන අංගන කිහිපයක පරීක්ෂාවන් සිදු කර පොළොන්නරුව ප්‍රදේශයේ දී මෙවැනිම වාහනයක් අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

මූලාශ්‍රය – අද

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved