Connect with us

පුවත්

ජනපති කී සාලිය අගමැති කිරීමේ ප්ලෑන්එක ගැන සාලියගෙන් පිළිතුරු

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබුණි.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

ඔහු ඉන් සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවත් සාලිය පීරිස් මහතා පවසයි.

2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බව සාලිය පීරිස් මහතා සිය නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම පෞද්ගලික වාසි තකා හෝ තනතුරුවලට ගිජු වී තමා සිය ප්‍රතිපත්ති පාවාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මහින්ද අගමැතිකමින් ඉවත් කිරීම…

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමට සැලසුමක් තිබූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පසුගියදා පැවසීය.

ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉවත්ව සාලිය පීරිස් මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස අග්‍රාමාත්‍ය ධුරට බාර ගැනීම එම සැලසුම බවත් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග නීතිඥ සංගමය සාකච්ඡා කර තිබූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත වීඩියෝ වේ දැක්වේ.

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved