වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් විරෝධය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව එහි සම්බන්ධීකාරක චන්දන චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.
තවද වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 08% ක් ගැනීමට අයවැයෙන් කළ යෝජනාවටද තමන් විරෝධය පලකරන චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.
ඒ අනුව අද දහවල් 12ට කෑම පැය කාලය තුළ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර ඇති බව සඳහන්ය.
මේ අතර අදාළ විරෝධතාව පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ රට අර්බුදයකින් ගොඩගන්නා අවස්ථාවක දේශපාලන අරමුණු වෙනුවෙන් විරෝධතා සංවිධානය කිරීම අනුමත කළ නොහැකි බවයි.