Connect with us

පුවත්

අවුකන පිළිමයට සිවුරු පැළඳවීම ගැන විමර්ශනයක්

Published

on

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.  

පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරයද එහි දක්නට ලැබුණි.

මේ සම්බන්ධයෙන් අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමිගෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ උන්වහන්සේ සඳහන් කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් විසින් කළ ඉල්ලීමකට අනුව ඊයේ (26) දිනයට යෙදී තිබුණු ඉල්පුර පසළොස්වක පොහොය දිනයේදී පිළිම වහන්සේට සිවුර පෙරවීමට කටයුතු කළ බවයි.  

කෙසේවෙතත් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වූ වහාම වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂවරියට පරීක්ෂණයක් පවත්වන්නැයි උපදෙස් ලබා දුන් බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කර සිටියේ, පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවත් ය.

ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත් කර යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම අතරින් ඉතා වැදගත් නිර්මාණයක් ලෙස සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 05 වැනි සියවසේ ධාතුසේන රජු සමයේ බරණ නම් ගල් වඩුවෙකු විසින් කළ නිර්මාණයක් ලෙස සැලකෙයි. 

මෙම බුදු පිළිමය උසින් අඩි 38යි අගල් 10ක් පමණ වන අතර අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමා වලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව, විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේ මෙරට අතීත කලා ශිල්පයේ අද්විතීය බව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසය.

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉල්ලා අස්වෙයි!

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved