Connect with us

පුවත්

ටැක්ස් ෆයිල් නොතිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීලා 30ක්

Published

on

බදු ලිපි ගොනු විවෘත ‌නොකළ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් පමණ සිට ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තොරතුරු හෙළිව ඇත්තේ මේ වසර අවසන් වීමට පෙර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විසින් සිදුකරගෙන යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි .

ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවමින් ඔවුන්ට බදු ලිපිගොනු සකස් කරගන්නා ආකාරය හා මේ වන විට බදු ගොනු පවත්වාගෙන යන මන්ත්‍රීවරුන්ට ඒවායේ අඩුපාඩු සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ආදායම් එකතු කිරීමේ අංශයේ නිලධාරීන් විසින් උපදෙස් දීම සිදුකරනු ලබයි. 

එසේම දෙසැම්බර් මස 30 වෙනිදාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩ සටහනේ බලාපොරොත්තුව බව ද මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

මෙම ක්‍රමය මඟින් සියලු මන්ත්‍රීවරුන්ගේ සැබෑ ආදායම් එළිදරව් වන අතර ඔවුන් නිසි පරිදි ආදායම් බදු ගෙවන පුරවැසියන් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ බලාපොරොත්තුව බවද හෙතෙම කියා සිටී.

මන්ත්‍රීවරුන් බදු නොගෙවන පිරිසක් බවට සමාජයෙන් ද චෝදනා එල්ල වී ඇති හෙයින් අදාළ බදු ලිපිගොනු විවෘත කිරීමෙන් පසු එම චෝදනාවෙන් ද මන්ත්‍රීවරුන් නිදහස් කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් වී තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved