Connect with us

ක්‍රීඩා

‘කටුකුරුන්ද ස්පීඩ්’ නිපෝන් ‌පේන්ට්ස් මඩ කරයි ! (වීඩියෝ /ඡායා)

Published

on

පසුගිය ඉරිදා (03) ‘කටුකුරුන්ද ස්පීඩ්’ මෝටර් රථ ධාවන තරගාවලියේදී එහි අනුග්‍රාහක නිපෝන් පේන්ට්ස් සමාගම නියෝජනය කරමින් ධාවනයේ යෙදුනු උෂාන් පෙරේරා තරග නීති උල්ලංඝනය කරමින් තරග වැදී තිබියදීත් ජයග්‍රාහකයා ලෙස නම් කිරීම ගැන කසුකුසුවක් මතුව ඇතැයි “ශ්‍රී ලංකා මිරර්” වෙත වාර්තා වේ.

ලංකා ඔටෝමෝබයිල් ස්පෝට්ස් ( SLAS ) මගින් සංවිධානය කර තිබූ මේ තරගාවලියේ එදින පැවති අවසන් ඉසව්ව වූ SL GT 3500 තරගයේ මුල් වටයේ ඉදිරියෙන් සිටි ඩිලන්ත මාලගමුව ඉස්සරකර ඇත්තේ ධාවන පථයෙන් පිට නීති විරෝධී අන්දමිනි.

මේ අවස්ථාව රූපවාහිනී සජීවී විකාශයේ හොඳින්ම දර්ශනය වූ අතර විස්තර විචාරකයෝද උෂාන් දඬුවම් ලැබිය යුතු වරදක් කළ බව කීවද ට්‍රැක් මාෂල්ලා තිදෙනාම එය නොදුටු ලෙස කටයුතු කර තිබීම විශේෂිතය.

 මෙම තරගයේම වැරදි ආරම්භයක් ලබා ගත් ඩිලන්ත මාලගමුව තරගය අතර තුර තත්පර තුනකට නවත්වා ඒ සඳහා දඬුවම් කරන ලදී. 

ඒ හේතුවෙන් යළි තරගයට එක්වීම පමාවූ ඩිලන්තට මුල් ස්ථාන තුනට එක්වීමට නොහැකි විය. 

එම කැටගරියේම මුලින් පැවති තරගය ඩිලන්ත පහසුවෙන්ම ජයග්‍රහණය කළේ උෂාන් සිව් වැනි ස්ථානයට පත් කරමිනි. 

ඩිලන්ත කටුකුරුන්ද තරග බිමේ තරගයකට ඉදිරිපත්ව ඇත්තේ වසර 23කට පසුවවීම ද විශ‌ේෂිතය.

තරග සංවිධායකයන් මෙම සිද්ධියේදී කටයුතු කළ ආකාරය ගැන අදහස් දැක්වූවන් පැවසුවේ නිපෝන් පේන්ට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා බැවින් ඔවුන්ගේ රථයක් පැදවූ රියදුරාට සහයෝගයක් දැක්වූ බවයි.

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved