Connect with us

පුවත්

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

Published

on

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට අද (15) තීරණය කර තිබේ.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට මෙම අඩුකළ මිල ගණන් යටතේ ලබාගත හැකිය.

රතු හා සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00 කින්, ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රුපියල් 55.00 කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10.00 කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20.00 කින්, දේශීය අල කිලෝවක් රුපියල් 15.00 කින්, ආනයනික අල කිලෝවක් රුපියල් 15.00 කින්, ලංකා සතොස කිරිපිටි (ග්‍රෑම් 400) රුපියල් 10.00 කින් හා කඩල කිලෝවක් රුපියල් 5.00 කින් අඩු කළ බව ලංකා සතොස පවසයි.

එමෙන්ම සිනී කිලෝවක් රුපියල් 275.00කට සහ බී ලූනු කිලෝවක් රුපියල් 400.00 කටත් මිල දී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ මිල අඩු කිරීම අද (15) සිට දෙසැම්බර් 31දා දක්වා ක්‍රියාත්මක වේ.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved