Connect with us

පුවත්

නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක්

Published

on

නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් ( 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම ආදායම් අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව හිඟ ආදායම් ලෙස  රුපියල් කෝටි නවයකට වැඩි මුදලක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේද කෝටි හතරකට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේද කෝටි තුනකට වැඩි මුදලක් වර්ෂ 4 සිට 6 දක්වා කාලයක් තිස්සේද කෝටි හතකට ආසන්න මුදලක්වර්ෂ 1 සිට 3  දක්වා කාලයක් තිස්සේද මෙලෙස අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය සංස්ථා මණ්ඩල පළාත් සභා සහ බැංකු යනාදී ආයතන 13 කින්  2005  වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අඛණ්ඩව කෝටි දාහතක හිඟ ආදායමක් අය කරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම හිඟ මුදල් සම්බන්ධයෙන් අප්‍රමාදව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත් නීති මාර්ගයෙන් හෝ හිඟ මුදල් අයකර ගත නොහැකි නම් දීර්ඝ කාලීන හිඟ මුදල් භාණ්ඩාගාරයේ එකඟතාව මත කපා හැරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් විගණන අංශ නිර්දේශ කර ඇත.

මේ අතර දෙපාර්තමේන්තුව කුලී පදනමට ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක් සහ දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා 2022 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බිල් පත් ගෙවීමේදී මාසික විදුලි පාරිභෝජන වියදමට අමතරව ලක්ෂ ගණනක පොලී මුදලක්ද සහිතව බිල්පත් සඳහා ගෙවීම් කිරීමෙන් රජයට මූල්‍ය අවාසියක් සිදුවී තිබූ බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

(ලංකාදීප)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved