රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් වන බව ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19) පැවති රාජ්‍ය නාට්‍ය ස්වර්ණ ජයන්ති සම්මාන උළෙලේදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
මෙලෙස ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ නාට්‍ය කීර්ති සම්මානය පිරිනැමීම සඳහා නාට්‍ය උපදේශක මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාගේ නම ඉන් ඉවත් කිරීමට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා හසන්ති ගුණවර්ධන කටයුතු කිරීමය.
එම නම කපා හැර ඇත්තේ උපදේශක සභාව ද කිසිදු දැනුවත් කිරීමකින් තොරව ය.
සභාපතිවරයාගේ ඉවත් වීමත් සමග උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ ද ඉන් ඉවත් වෙමින් සිටිති.
සාමාජිකත්වයෙන් ඉවත් වන බව එහි සාමාජික පූජිත ද මෙල් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකාවට ලිඛිතව දැනුම් දී තිබේ.
මහරගම තරුණ සේවා සභාවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලේදී පරාක්‍රම නිරිඇල්ලයන් මෙලෙස කීවේය.
‘‘කලාවට අතහිත දීමේ සහ සත්කාර කිරීමේ ප්‍රතිපත්තියක් රජයට නොමැති වීමේ ඛේදනීය තත්ත්වය නිසා කලාකරුවන් පීඩනයට පත් වෙනවා. උපදේශක මණ්ඩලය කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් තුළයි. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්ටත් නාට්‍යෙව්දී කලයි චෙල්වම් මැතිතුමන්ටත් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමන්ටත් ජීවිතයේ එක් වරක් ලැබෙන සම්මානය ඔවුන් නාට්‍ය කලාවේ උන්නතියට කළ මෙහෙය අගයා පිරිනැමිය යුතු යැයි රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය යෝජනා කළා. අපේ යෝජනාව අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවගේ අත්සනින් මේ තිදෙනාට ම නොවැම්බර් එකොළොස් වැනිදාතමින් ආරාධනා ලිපි යවා තිබෙනවා. ඉන් පසු නැවතත් එම අධ්‍යක්ෂිකාවගේ අත්සනින් යුතුව නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාට ලබන වසරේ සම්මානය දෙන බවට දන්වා යවා තිබෙනවා. කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව දැනුවත් කළා ද?. මේ ගැන දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමේ දී දැනගැනීමට ලැබුණේ ඇමැතිවරයාගෙන් ලැබුණු නියෝගයක් අනුව මේ වෙනස සිදු කළ බව යි . මෙවැනි සිද්ධියක් මේ රටේ නෙමෙයි මේ ලෝකෙ කොහෙවත් සිදු වී තිබෙන බවක් මම අහලා නැහැ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ නාට්‍යකරුවකුට කළ අගරුවක්. එය රාජ්‍ය නාට්‍ය උළෙලේ පනස් වැනි සංවත්සරයට සිදු කළ මකා දැමිය නොහැකි කිළුටක්. ඇමැතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් අවශ්‍ය ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේශ සහ තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කළ හැකි නම් මම සහ අපි මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. මේ නිසා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවා. ‘‘