Connect with us

පුවත්

සමූපකාර ව්‍යාපාරය රකින්න කමිටුවක්

Published

on

සමූපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට පළාත් සභා නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව වල සහභාගීත්වයෙන් කමිටුවක් පත් කිරීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලැබීය.

මේ පිළිබඳ තීරණය කරනු ලැබුවේ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී – ගාමිණී ලොකුගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

තවද සමූපකාර බැංකු සඳහා මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීම පිළිබඳ සාකච්ඡා වූ අතර දෙහිවල – ගල්කිස්ස සමූපකාර සමිතිය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීමට සණස සම්මේලනය හා හෝමාගම විවිධසේවා සමූපකාරයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

එසේම මෙම කාරක සභාව අවස්ථා කිහිපයකදී රැස්වීමෙන් අනතුරුව මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම, සමූපකාර සමිතිවල වංචා දූෂණ, නිලධාරීන් විසින් ගත් අදූරදර්ශී තීරණ සහ ගිණුම් විගණනයක් නිසි කාල සීමාවලදී සිදු නොකිරීම යන  කරුණු 4 හඳුනාගත් බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. 

එසේම සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් සකස් කළ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කෙටුම්පත් කරන ලද පනත සහ තවත් වාර්තා දෙකක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි. මේ අනුව මෙම වාර්තා 3 මත පිහිටවා සමූපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් එක් වාර්තාවක් සකස් කිරීමට සියලු පළාත් සභා නියෝජනය කරන නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් අනු කමිටුවක්  පත් කරන ලදි. මෙම අනු කමිටුව ලබා දෙන වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව  මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදී.

මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, යදාමිණී ගුණවර්ධන සහ බී.වයි.ජී. රත්නසේකර යන මහත්වරු සහභාගී වූහ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved