Connect with us

පුවත්

ජේ.එන්. 1 කොරෝනා ප්‍රභේදය ලංකාවේ?

Published

on

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රෝන් ජේ.එන්. 1 කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මේ වන විට මෙරට කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පවතින බවත් ඒ හේතුවෙන් නව ප්‍රභේදය මෙරටේ පැතිරීම පිළිබඳව නිශ්චිතවම විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම කීය.

ඉන්දියාවේ කොචි නගරයේ ඉන්ෆ්ලුවන්සා රෝගයට සමාන රෝග තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂා කරන ලද රෝගීන්ගෙන් සියයට තිහකට මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

උණ, කැස්ස, සුවඳ සහ රසය නැති වීම, දිගට පවතින අධික උණ තත්ත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇති වීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ බවත් ඒ පිළිබඳව අවධානය යොමු කර ක්‍රියා කළ යුතු බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය තුළ නැවතත් මුව ආවරණ පැලඳීමට යළි හුරුවීම නුවණට හුරු බව ද ඔහු පැවැසීය.

මෙරට ජනතාව අනිසි බියක් ගත යුතු නෑ ; GMOA කියයි

ඉන්දියාවේ කේරළයේ ඔමික්‍රෝන් ජේ.එන්. 1 කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් වාර්තා වූ නමුත් මෙරට ජනතාව අනිසි බියක් නොගත යුතු බවත් එම වෛරස ප්‍රභේදය ආසාදනය වූ කිසිදු රෝගියෙකු මෙරටින් වාර්තා නොවී ඇති බවත් සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

තවද මෙරට ජනතාව කොවිඩ් එන්නත්කරණය ඉතා සාර්ථකව සිදුකර ඇති බැවින් අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් තම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය දී කටයුතු කිරීම ඉතා වැදගත් බවත් හෙතෙම සඳහන් කළේය.

උත්සව සමයේ ජනතාව තම සුපුරුදු සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරනු ලබන සෞඛ්‍ය නිවේදන පිළිබඳව අවධානය දී ක්‍රියා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන් ම දුර්වල වාතාශ්‍රය, සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍යයට වන බලපෑම අවමයි ; WHOවෙන් හෙලිදරව්වක්

මේ අතර රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති ජේ.එන්. 1  නව කොවිඩ් උප ප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

මේ දක්වා සිදු කරන ලද පර්යේෂණවලින් ඒ බව තහවුරු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

 ජේ.එන්. 1 කොවිඩ් ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වී ඇති අතර, ශීත ඍතුවත් සමඟ එහි ව්‍යාප්තිය ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම නව කොවිඩ් ප්‍රභේදය අමෙරිකාවෙන් පළමු වරට හදුනාගෙන තිබිණි.

මේ අතර, කේරළ ප්‍රාන්තයෙන් ඉන්දියාවේ ව්‍යාප්තිය ආරම්භ වූ ‘JN – 1’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත වුවන් 614 දෙනෙකු ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති අතර, එය පසුගිය මැයි මස 21දාට පසුව ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved