Connect with us

පුවත්

ඇවෙන්රාට සීල් තැබීමත් සමග දේශපාලන පිටිය දෙදරයි

Published

on

ලක පරසිඳු මීගමුවේ ඇවෙන්රා  ගාර්ඩ්න්  (Avenra Garden) හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තැබීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ ගැටුමක් නිර්මාණය වී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ මේ සීල් තැබීම පිටුපස මීගමුවේ ප්‍රබල දේශපාලඥයකු සිටින බවට කසුකුසුවක් මතුවීම නිසාය.

ඇවෙන්රා ගාර්ඩ්න්ස් (Avenra Garden) හෝටලයේ හිමිකරුවන වන ධනේෂ් ද සිල්වා හා අදාළ දේශපාලඥයා කලක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ කිට්ටුවන්තයින් ලෙස කටයුතු කර ඇති බව පැවසේ.

කෙසේවුවද, මේවන විට ධනේෂ් ද සිල්වා ඉතා කිට්ටුවෙන් දේශපාලන කටයුතු සිදු කරනු ලබන්නේ රාජපක්ෂ පවුල සමඟය.

මේ අතර, ඉකුත් අරගල සමයේදී ධනේෂ්ගේ ව්‍යාපාර සඳහා යෝෂිත රාජපක්ෂගේ මුදල් යොදවා ඇති බවට වන සැකයමත එම හෝටලයට අරගලකරුවන් විසින් ගිනි තබා තිබිණි.

ඒ ගැටුම අවස්ථාවේදී ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ විදුලිය විසන්ධිකරමින් එම හෝටලය දෙසින් වෙඩි තැබීමක් සිදු කර තිබූ අතර ඉන් අයෙක් මිය ගොස් කිහිපදෙනෙකු තුවාල ලබා තිබිණි.

කොච්චිකඩේ ප්‍රදේශයේ පාසලක ශාරීරික අභ්‍යාස ගුරුවරයකු ලෙස සේවය කළ ධනේෂ ද සිල්වා මහතා කෙටිකලකින් පොහොසතෙකු වීම සම්බන්ධයෙන්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කරමින් තිබේ.

වසර 2005 දක්වා සාමාන්‍ය ගුරුවරයකුව සිටි ධනේෂ් ඉන් පසුව මුලින්ම හිමිකරගත් හෝටලය ලෙස සැලැකෙන්නේ කටුනායක ෆුල්මූන් හෝටලයයි.

ඉන් පසුව ඔහු මේවන විට ඇවෙන්රා  ගාර්ඩ්න්ස් හෝටලයට අමතරව වෙන්නප්පුවේ ගංගාධාර, මීගමුවේ බේ ෆොන්ටේ මෙන්ම හික්කඩුවේ හෝටලයක ද හිමිකරු ලෙස කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසකි.

හිරු සෙනෙහසේ නත්තල..

මේ අතර, මේ වැටලීම සිදු කරනු ලබුවේ හිරු නාලිකාව විසින් සෙනෙහසේ නත්තල නමින් සෑම වසරකම තරු පිරිවරා සිදුකරනු ලබන සාදය කඩා කප්පල් කිරීමට බවට ද රාවයක් පවතී.

එය පසුගියදා පැවැති දේශපාලන සාදයකට හිරු නාලිකාවේ මාධ්‍යවේදීන් සහභාගි නොකිරීමට කටයුතු කිරීම නිසා ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ද යන්න පිළිබදව ද මේවන විට දේශපාලන කට කතා පවතී.

කෙසේවුවද, මේවන විට එම සාදය කිසිදු ගැටලුවකින් තොරව මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ පැවැත්වේ.

ඇවෙන්රා ගාර්ඩ්න්ස් පැමිණිලි 

මේ අතර, කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ හෝටලයේ මුළුතැන්ගෙය අපිරිසිදුව පවතින බවට සොයා ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය හරහා ඔවුන්ට බලපෑම් කිරීමට ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලයේ හිමිකරුවන් උත්සාහ ගෙන ඇති බවට ද චෝදනාවක් එල්ලවී ඇත.

මේවන විට මේ වැටලීම සිදු කළ කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පස්දෙනා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලූ බවටත්, එසේම සිය හෝ‍ටලය අපකීර්තියට පත් කිරීමට අදාළ තොරතුරු සමාජ මාධ්‍යට ලබාදුන් බවටත් චෝදනා කරමින් මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේ කළමනාකරු වන එම්.එස්.එන්. ප්‍රනාන්දු මහතා විසින් කටාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ වන විට එම හෝටලය විසින් ද නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහත දැක්වේ.

සබැඳි පුවත්

තරු පිරිවරා නත්තල් පාටි දැමූ Avenra Garden හි කුජීත කුස්සියට සීල් තියලා

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved