ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද (27) නියෝග කළේය.
සැකකරු අද දිනයේදී කොළඹ අපරාධ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
(පෙර පුවත: 2023 දෙසැම්බර් 27, ප.ව.01:47)
කතරගම ‘ලොකු කපුවා‘ CCD අත්අඩංගුවට
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසියක් අතුරුදහන් වීමේ නඩුවට චෝදනා එල්ල වී සිටි එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක මහතා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
අද (27) උදෑසන ඒ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.
මීට පෙර ගබඩා භාරකරු වු සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා ඉකුත් 19 දින නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු, තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.
රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගෙන් පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් වැඩිදුරටත් කියා සිටී.
සබැඳි පුවත්:
කතරගම ‘චුටි කපුරාල’ ට ඇප
කතරගම කපු සොමිපාල අතුරුදහන් බවට CID පැමිණිල්ලක්
කතරගම දේවාල භාරකරුවෙක් CCDයට භාරවෙයි
කතරගම මහ කපු සොමිපාල අත්අඩංගුවට ගන්න සොයයි