Connect with us

පුවත්

තවත් දියර කිරි නිෂ්පාදනාගාර 2ක් හදන්න ප්‍රංශය සමග සාකච්ඡා

Published

on

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

දැනට පවතින දියර කිරි කර්මාන්ත ශාලා 06ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා ප්‍රංශ රජය සමග සිදුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා මෙසේද පැවසීය.  

රටට අවශ්‍ය දියර කිරි ප්‍රමාණයෙන් අප ස්වයංපෝෂිත නැහැ. ජාතික අවශ්‍යතාවයෙන් 40%ක් පමණයි නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 60% ක ප්‍රමාණය ආනයනය සදහා රුපියල් බිලියන 34කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට අපට සිදුව තිබෙනවා. වසරකට අපට කිරි ලීටර් මිලියන හත්සිය පනහක් අවශ්‍ය වුවත් අප විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ, ලිටර් මිලියන 350ක් පමණයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රංශ ආධාර සහිතව කර්මාන්ත ශාලා 06 ක් ආරම්භ කළා. වාරියපොල, වෙන්නප්පුව, අත්තනගල්ල, කොළඹ සහ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත ශාලා ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව නාවලපිටිය ප්‍රදේශයේ දියර කිරි නිෂ්පාදනාගාරයක් විවෘත කළා. මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කිරි සැකසුම් උපකරණ ආනයනය කිරීම සහ දේශීය කාර්මිකයන් පුහුණු කිරීම සදහා රුපියල් ලක්ෂ 600ක ආධාර ප්‍රංශ රජය මගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය ගොඩනැගිලි  සහ අනිකුත් ඉදිකිරීම් සඳහා නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය රුපියල් මිලියන 60 ක් වැය කළා. මෙම කර්මාන්ත ශාලාව මගින් දිනකට කිරි ලීටර් 5000ක් පරිභෝජනය සදහා නිකුත් කෙරෙනවා.

ඒ වගේම යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශවල මෙවැනි කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සදහා ප්‍රංශ රජය දැනුවත් කර තිබෙනවා. මෙවර අයවැයෙන් ද මිලියන 250ක් වෙන් කර තිබෙනවා. විශේෂයෙන් එළු කර්මාන්තය දියුණු කිරීම සදහා මිලියන 200 ක් ලබා දී තිබෙනවා.

ඒ වගේම තීරුබදු සහන සහිතව විදෙස් රටවලින් ගෙන එන සත්ත්ව ආහාර සාධාරණ මිලට ගොවියාට ලබාදීමට අවශ්‍ය  කටයුතු කරන ලෙස සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුට උපදෙස් ලබා දී තිබෙනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

රවී කුමුදේශ් ගේ වැඩ තහනම්

Published

on

By

ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.

2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනම් කර ඇති අතර ඔහුට වැටුප් ඇතුළු දීමනා හිමි නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

එසේම, විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බවයි එහි දැක්වේ.

Continue Reading

පුවත්

ජනපති ජර්මනියේ බර්ලින් නුවර නිල සංචාරයක

Published

on

By

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

 මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

 ජනාධිපති දිසානායක මහතා විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවනු ඇත.

 මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Continue Reading

පුවත්

සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Published

on

By

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරුකර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථකරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව දීමේදී  මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ සඳහන් කර ඇත.

ඒ අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බව විත්තිකාර අභියාචක සඳහන් කර සිටි.

ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved